Damith's fondling | දමිත්ගේ බබා පාට්
Wednesday, 28 September 2011 - 10:43 AM
Bookmark and Share
Comments (17)
Views 5545 Times

මෙන්න Lebernan වල Airport  එකේ දී සිද්ධ වුණ සත්‍ය සිද්ධියක්. ප‍්‍රධාන රංගනය දමිත් අසංග. ඔන්න Musical Show එකකට සහභාගී වෙන්න කියලා දමිත් lebernan ගියා. lebernan වලදි Airport එකෙන් බැස්ස ගමන් මේ musical Show එකේ සංවිධායක  මඩුල්ල ඉතාම උණුසුම් ලෙස දමිත් අසංකව පිළිගත්තා.

දැන් කට්ටියත් එක්ක airport එකෙන් පිටවෙන්නයි සූදානම. දමිත් අසංකත් වට පිට බල බල සංවිධායක මඩුල්ලට පිටුපස්සෙන් යන්න පටන් ගත්තා. ඔය අතරේ දමිත් දැක්ක අම්මා කෙනෙක් ලස්සන චූටි බබෙක් වඩාගෙන ඉන්නවා. දමිත් ටික වෙලාවක් නතර වෙලා බලාගෙන හිටියා.

පොඩි එකා හරිම sweet. sweet වැඩිකමට දමිත් බබාගේ කම්මුලට ඇගිල්ලෙන් ඇනලා

"ටුක්කු ටුකුරු.... ටික්කි ටිකිරි... අනේ චූටියා.. උම්මා..." කියලා බබාව හුරතල් කළා. එතකොටම බබාගේ අම්මා දමිත් දිහා බැලූවා. හරියට පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ.

බලලා නිකම් හිටියේ නෑ. කෙළින්ම එතන හිටිය පොලිස් නිලධාරියාට මේ සීන් එක කිව්වා. පොලිස් නිලධාරියා කෙළින්ම දමිත් ළගට ඇවිල්ලා අතින් අල්ලගත්තා. තව අරාබි භාෂාවෙන් මොනවද ටිකක් කියෝගෙන ගියා.

එනපොට හොද නෑ කියලා තේරුම් ගත්ත දමිත් මේ වුණ සීන් එක පොලිස් නිලධාරියාට ඉංග‍්‍රීසියෙන් පැහැදිලි කළා. අයියෝ කරුමෙක මහත, පොලිස් නිලධාරියට ඉංග‍්‍රීසි බෑ. දැන් මේ අම්මගෙයි පොලිස් නිලධාරියගෙයි try එක දමිත්ව පොලීසියට ගෙනියන්න.

පුංචි බබාව පැහැර ගෙන යාමට තැත් කිරීමේ වරදට. දමිත් කොච්චර no .. no .. කිව්වත් කවුරුත් කණකට ගත්තේ නෑ. ඊට පස්සේ දමිත් වටපිට බලලා ඈතින් යන සංවිධායකයන්ට ඇහෙන්න හූ තියලා කෑ ගැහැව්වා,

"බේරගනියෝ" "බේරගනියෝ" කියලා. ඒ සද්දේ ඇහුන සංවිධායකයෝ සෙට් එක දුවගෙන ආවා. සිද්ධ වුණ දේ, දමිත් පැහැදිලි කළාට පස්සේ සංවිධායක මහත්තයා අරාබි භාෂාවෙන් සීන් එක පැහැදිලි කළා. ඔන්න ඊට පස්සේ තමයි වැඩේ shape වුණේ....

මේ වැඩෙන් පස්සෙ පුංචි බබෙක් ඇවිල්ලා දමිත්ව හුරතල් කළත් දමිත් නම් කවදාවත් පුංචි බබෙක් හුරතල් කරන්නේ නෑ..

Post Your Comments
    Name * :
    Comments* :
    Human User Verification* :
    Your Comments....
    Baba Pat Eppa Yakoo
    Heshan
    Damith ayya pau. ayaa godak hoday.
    Dushan Lakshitha
    kawadaka ho nubata sihiwei mage....daru pemaka athi mahima danena dine........ Komada api 2nage wada a..a.a
    Kasu & babi
    lagadeem lanka wata kiyannam damith ge, aluthma news eka.
    dubai.
    :D
    Ishanka
    aiyooooooooooo manan wedak.pauuu ne....?  
    suresh ranga
    sure 1ta  MALAK GAHALA INNA ETHI
    Buddhika
    ane manda owaaaaa,,,,,
    DJ x
    ha damith aiya mathakaida danne?
    suzika
    arabi karayo monatharam modayoda kiyala balanna middle east countries walata ennama wenawa.   UAE inna nisa mama dannawa munge thiyena moda wada. salli withrai munta thiyenne................
    Npn djs
    babekta agillen anala ohoma giya.ammat ehema kalamam arabiye idan damithta bella nathiwa thamai yanna wenne.
    m.d.dilip roshan
    gal arabi ohoma thamai ganan ganda epa.eyala lamai hurathal karanne
    suresh(DUBAI)
    maru maru
    Ramesh
    ela disna.....elama thama....
    nadee
    MEKA PISSU PAHARAKNE
    MI_24
    APITATH DAN PISSU WAGE
    RI_34
    hena monawageda
    mmmmm
    Recent Post
    | Home | Hirufm Main Page | Asia Broadcasting Home | About Us | Contact Us |
    Copyright  Asia Broadcasting Corporation Private Limited. Site by 3CS