Suresh Maliyadde & Nanda Malini aggrived in Kuwait | සුරේෂ් - නන්දා මලිනී නූලෙන් බේරෙයි
Wednesday, 07 March 2012 - 11:05 PM
Bookmark and Share
Comments (1)
Views 3858 Times

මාර්තු 06 වෙනිදා අපට ලැබුණේ නරක ආරංචියක්. ඒ විශාරද නන්දා මාලනී, සුරේෂ් මාලියද්ද වගේ අපේ සංගීත ශිල්පීන් කිහිප දෙනෙක්ව කුවේට් ගුවන් තොටුපළකදී අත්අඩංගුවට ගත්තයි කියන කාරණය. ඒ හින්දම අපි මේ ගැන විස්තර හෙව්වා. සිද්ධ වෙලා තියෙන්නේ මේකයි.

කුවේට්වල තියෙන ප්‍රසංගයකට සහභාගිවෙන්න අපේ සංගීත ශිල්පීන් හය දෙනෙනක් ලංකාවෙන් පිටත් වුණා. මේ අය කුවේට් එයාර්පෝට් එකෙං බහිනකොට හරියටම හවස 6.00 යි. මේ වෙලාවේ එයාපෝට් සිකියුරිටි එකෙං මුලින්ම සුරේෂ් මාලියද්දව එක්කගෙන ගිහිං තියෙනවා. කුවේට් නිලධාරීන්ගේ හිතෙන හිතෙන වෙලාවට කෙරෙන චාරයක් නැති චෙක් කිරීම් ගැන සුරේෂ් හොදට දන්න නිසා එයා මේක ඒ හැටි ගණං අරගෙන නෑ. ඒත් ටික වෙලාවකින් කුවේට් සී.අයි.ඩී. එකෙං නිහාල් කළුබෝවිලගේ තබ්ලා එකත් පිහියකින් පළලා දාලා මෙතනදී ප්‍රශ්නය ගැන හරියට සාකච්ඡා කරගන්න භාෂා ප්‍රශ්නය නිසා  පුලූවංකමක් ලැබිලා නෑ. හේතුව කුවේට් නිලධාරීන්ට ඉංග්‍රීසි බැරිකම. සී.අයි.ඩී. එක අපේ ශිල්පීන්ගේ බෑග් පවා පිහිවලින් කපලා දාලා තමයි චෙක් කරලා තියෙන්නේ. කට්ටියව පැය 3 ක් එයාපෝට් එකේ තියාගෙන ඉඳලා ලියවිල්ලකට අත්සන් අරගෙන යන්න දීලා. සුරේ මේ ලියවිල්ල හොඳට කියෙව්වලූ. ඒකෙ තිබුනේ අපේ කට්ටිය නීති විරෝධී කිසිම දෙයක් ඒ රටට ගෙනාවේ නෑ. ඒ අය නිර්දෝෂයි කියලලූ. කොහොම වුණත් අපේ ශිල්පීන් එයාපෝට් එකෙනං එළියට ආවට පස්සෙ තමයි දැනගෙන තියෙන්නෙ මේක කවුරුහරි කෙනෙක් ප්ලෑන් කරලා කරපු වැඩක් කියලා. අපේ කට්ටිය ලංකාවෙන් ප්ලයිට් එකට නගිනකොටම කුවේට් සී.අයි.ඩී. එක එයාර් ලංකා එකට කතා කරලා අහල තියෙනවා අපේ අයගේ නම් ටික දීලා මේගොල්ලො ෆ්ලයිට් එකට නැග්ගද කියලා. සුරේෂ් මේ ප්‍රශ්ණෙන් පස්සේ එයා ලංකා බලධාරීන්ගන් අහලා තියෙනවා "ඇයි අපි ගැන ඒගොල්ල හෙව්වයි කියලා අපිට කිව්වේ නැත්තේ" කියලා . එතකොට ඒ අය කියලා තියෙනවා, නීතියේ හැටියට "අපි එහෙම කියලා අහුවුණානං ඉවරයි" කියල.

අපේ ශිල්පීන් මත්කුඩු අරගෙන එනවයි කියලා ලැබුණු තොරතුරක් නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම ඇතිවෙලා තියෙන්නේ. මේක කරලා තියෙන්නෙත් ශ්‍රී ලාංකිකයෙක්මලූ. කවුරු කලත් වැඩේ වැරදියි කියලා තමයි අපිටනං කියන්න තියෙන්නෙ. මේවා කරපු අයව හොයාගෙන දඩුවම් දෙන එක අදාල බලධාරීන් කරයි මේක ඇත්ත විස්තර එළිකරන වගකීම ඔන්න මාධ්‍යයක් විදියට අපි ඉෂ්ඨ කළා.
සුරේෂ් සමඟ මේ සම්බන්ධව අප කළ සාකච්ඡාව මෙතැනින් අහන්න

Post Your Comments
    Name * :
    Comments* :
    Human User Verification* :
    Your Comments....
    awajataka asikkili sunakayanga sunaka wada nesa ratata jatiyata mila kala nohaki jeweta walata kanhili kam karana unta yanna apayak naaaaaaa..               DUSTAYANGA DUSTA WADA WALATA  OYALA SITHTAWUL ATIKARAGANNAAP EDIRIYATAH TAWTH HODA NERMANA KARALA  ANAGATHA PARAPURATA KALAWA RAKALA DANNA OBALATA DERGAU LABAWAI PATANA ATARA SIYALU DAWIYANGA ARAKSAWA LABAWAIPATAMI.........////
    wimal chandana wedge
    Recent Post
    | Home | Hirufm Main Page | Asia Broadcasting Home | About Us | Contact Us |
    Copyright  Asia Broadcasting Corporation Private Limited. Site by 3CS