මේ රම්බරී සින්දුව කියන ලහිරු අයියමද?
Sunday, 14 August 2011 - 11:30 AM
Bookmark and Share
Comments (10)
Views 5765 Times

ඔන්න දවසක් ලහිරු ගියා ඩුබායි. මියුසිකල් ෂෝ එකකට. මියුසිකල් ෂෝ තියෙන්නේ රෑටනේ. ඉතින් දවල් වරුවේ ලහිරු ඩුබායි හන්දියේ පොඞ්ඩක් ඇවිදලා බැලූවා. එතකොට එතනට එකපාරටම කෙල්ලෙක් දුවගෙන ආවා.

නංගි : ඔයා නේද රම්බරි සින්දුව කියන ලහිරු අයියා.

ලහිරු : ඔව් ඔව් නංගි මං තමයි ලහිරු අයියා

නංගි : නෑ වෙන්න බෑ. වෙන්න බෑ. විෂුවල් එකේ ලහිරු අයියා ලස්සනයිනේ. සුදුයිනේ මේ වෙන එක්කෙනෙක්ද කොහේද?

ලහිරු : නෑ. නෑ නංගි මං ලහිරු. විෂුවල් එකේ මේකප් වැඩි වුණ හින්දයි සුදු වුණේ. බලන්නකෝ මගේ මූණ. මං ලහිරුමයි.

කොච්චර පර සක්වල ගැහුවත් මං ලහිරු කියලා නංගි පිළි ගන්නේම නෑ. ඊට පස්සේ ලහිරු නංගිගේ ඔලූවේ අත තියලා දිව්රලා කිව්වා මං ලහිරු කියලා. ම්හ් ඒත් නංගි නෙමෙයි පිළිගන්නේ. ලහිරුට නිකම් ඇඩෙන්න වාගේ. ඊට පස්නේ නංගි කියනවා.

නංගි : හරි ඔයා ලහිරු අයියා නම් රම්බරි සින්දුව, විෂුවල් එකේ විදියට කියලා පෙන්නන්කෝ.

ඈ. මල කෙළියයි. මොනවා කරන්නද? ඩුබායිවල අදුරන කෙනෙක් පේන්නත් නැති එකේ ලහිරු ඕන දෙයක් වෙච්චාවේ කියලා රම්බරි සින්දුව කියලා පොඩි ඩාන්ස් එකක් දැම්මා. අම්මෝ ඊට පස්සේ තමයි යන්තම් නංගි පිළිගත්තේ මේ රම්බරි සින්දුව කියන ලහිරු අයියාමයි කියලා.

මේතියෙන්නෙ සිංදුව


Post Your Comments
    Name * :
    Comments* :
    Human User Verification* :
    Your Comments....
    kamak na owa ohoma tama
    darshana
    Wena weda nethuwata...
    chuti nangi
    Apo mekanam boruwak
    Gayya
    ow adurana kawuruth hitiye nethi nisa uba sinduwa kiyala yhani aheta adawanne nethiwa nikanma enna athi neda ane ban api nodanna lahiruwane uba
    MiDuMa
    EAI GANDAI BAN KAWDA EA???
    HESHAN
    Natte idan goma ne
    Viraj Amila fd
    iyyo lahiru aryyata wenadewal
    jagath habarakada
    ooo maara wede tama
    Sachini
    So saaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaad
    Nisha
    mackup eken lassana unata wedak na ayiya
    Chamara
    Recent Post
    | Home | Hirufm Main Page | Asia Broadcasting Home | About Us | Contact Us |
    Copyright  Asia Broadcasting Corporation Private Limited. Site by 3CS