
නාමල් උඩුගමගේ රෑ සිහිනෙන් සිංදුව ශිහාන් මිහිරංග ගායනා කරනවා අපිට මේ දවස්වල අහන්න ලැබෙනවා. අපි මේ ගැන කෙලින්ම නාමල්ගෙන් ඇහුවා.
නෑ නෑ. මම කිසිම කෙනෙක්ට සිංදුවේ අයිතිය දීලා නෑ. Ringing Tone වලට දෙන්න ඕනේ නිසා එයාගේ voice දැම්මා. ශිහාන්ට තියා කිසිම කෙනෙකුට මං මගේ සිංදු දෙන්නේ නෑ. මං මහන්සි වෙලා හදපු ඒවානේ... මගේ සිංදු, මං ළඟ තියා ගන්නවා.. මොකද ඒකේ අයිතිකාරයෙක් මට ඉන්නවා, පොඩියට තාම හැදීගෙන.
මම Ringing Tone වලට සිංදු දෙක තුනක් දුන්නා. ඒවයින් එකක් තමයි මේක. Company එක කිව්වා පොඩි වෙනසක් කරමුද කියලා. මං කිව්වා ප‍්‍රශ්නයක් නෑ, ශිහාන්ට සිංදු කියන්නත් පුළුවන්නේ.
තව සිංදු කිහිපයක් තියෙනවා. මට කලබලයට මතක් වෙන්නේ නෑ.
ඔව්, මුදල් කියන දේවල් අපිට අවශ්‍ය වෙනවා. මගේම නිර්මාණයක් නිසා මට හිතුනා දෙන්න. සම්පූර්ණ අයිතිය නෙමෙයි. යම් කිසි කාලසීමාවකට Ringing tone වලට විතරයි දුන්නේ.
ශෛලීන් දෙකක් නිසා හරියටම කියන්න බෑ. මම හොඳ නෑ කියලා, මම කොහොමටත් කියන්නේ නෑ. මම උපරිම උත්සාහ කරලා තමයි සිංදුවක් voice කරන්නේ. ශිහානුත් අවුලක් නෑ. එයාගේ ශෛලීයට එයා ගායනා කරලා තියෙනවා. මගේ ශෛලීයට මම ගායනා කරලා තියෙනවා.
![]()
ඔව්, මම කරන්න හිටියේ. මම තව අළුත් සිංදුවක් කරලත් තියෙනවා. ඒ සිංදුව පුළුවන් තරම් ඉක්මනින් දෙන්නම් තාම mix කරලා නෑ.
දෙවියන්ට පිං සිද්ද වෙන්න ජනපි‍්‍රයත්වයෙන් නම් කිසිම අඩු කමක් නෑ.
මට පුතෙක් ඉන්නවා, එයාට තමා සිංදුවල අයිතිය තියෙන්නේ. කියනවා නම් කියන්නේ එයා තමයි.
මගේ සිංදු කිව්වට ප‍්‍රශ්නයක් නෑ. CD වලටවත්, Rights වත් කිසිම කෙනෙකුට දෙන්නේ නෑ, දෙන්න පොරොන්දු වෙලත් නෑ.
![]()
නෑ මං බය නෑ. මං හදපු සිංදු කියන්න මං බය නෑ.
වෙන කෙනෙකුට දෙන්න අකමැතිකම නෙමෙයි, දුන්නම හරි කරදරවලට මුහුණ දෙන්න වෙනවා.
සමහර විට ළඟදි කරන්නත් පුළුවන්.
නාමල් සමග කළ මේ සජීවී සංවාදය මෙතනින් අහන්න.