
සංඛ දිනෙත් පසුගිය දවසක ගියා නිව්සීලන්ඩ්. Musical Show වගේකට. ඒ ගිය වෙලාවේ තමයි සංඛට වැරදුනේ. කලෙක ඉදන් සංඛට නිව්සීලන්ඩ්වල ඉඳලා කතාබහ කරන ගෑනු ළමයෙක් හිටියා. ඒ ළමයගේ නම ශෙහානි.
ශෙහානි සංඛකගේ සිංදුවලට ආසයි. සංඛටත් ආසයි..ද කොහෙද... ඒ හින්දම මේ ගෑනු ළමයා සංඛට Call කරනවා. ඉතින් ඔය අතරෙදි සංඛ ඔය ගෑනු ළමයට කිව්ව Musical Show එකකට නිව්සීලන්ඩ් එනවා කියලා. ඊට පස්සේ ඒ දෙන්න අතර ඇතිවුණ කතාබහ තමයි මේ.
ගෑණු ළමයා - අනේ අයියා මමත් එනවා ඔයා Sing කරන Musical Show එක බලන්න.
සංඛ - ඉතින් මං කොහොමද නංගි ඔයාව සෙනග අතරෙ අදුනගන්නේ.
ගැණු ළමයා - හරි, මං දම්පාට ගවුමක් ඇඳගෙන එන්නම්. අනේ සංඛ අයියා මං ආසයි Stage එක උඩට ඇවිල්ලා ඔයත් එක්ක Sing කරන්න. අනේ Please ඔයා ඒ Chance එක මට දෙනව ද? Please අයියා....
සංඛ - හරි, හරි, Ok නංගි
ගෑණු ළමයා - Promise ද?
සංඛ - ඔව් ඔව් Promise...
![]()
ඊට පස්සේ ඔන්න සංඛ නිව්සීලන්ඩ් ගියා. Show එක තියෙන දවසත් උදා වුණා. දැන් ඔන්න සංඛ Stage එකට නැගලා හිටු කියලා සින්දු කියනවා.
ඔහොම Sing කරකර ඉන්න අතරේ ඔන්න ආවා දම්පාට ගවුමක් ඇඳලා ලස්සන ගෑණු ළමයෙක්. ඊට පස්සේ සංඛ සින්දු කිය කිය ඒ ළමයට පොඩි හිනාවක් දැම්ම. ඒ කෙල්ලත් දත් ටික පෙන්නලා හිනා වුණා. ‘‘ හරි එහෙනම් මේ තමයි මං හොයහොය හිටපු ශෙහානි නංගී ’’ කියලා හිතලා සංඛ ඒ ගෑණු ළමයට Stage එකට කථාකළා. ඒ ගෑණු ළමයත් Stage එකට ඇවිල්ල සංඛ එක්ක සින්දු කියලා Dance කළා.
‘‘අනේ Sorry නංගි මට වැරදුනා. ’’
![]()
මේතියෙන්නෙ සංඛ කියපු සිංදුව..