◄ ගෙම්බා සහ ගෝනුස්සා ►
Thursday, 09 February 2012 - 04:29 PM
Bookmark and Share
Comments (2)
Views 5091 Times

◄ ගෙම්බා සහ ගෝනුස්සා ►
එක්තරා කාලයක ගෝනුස්සෙකුට ඇල පාරකින් එගොඩට යන්න ඕන වුනා. ඉතිං ඇල ඉවුරට වෙලා මෙයා කල්පනා කරමින් ඉන්නකොට මෙයා දැක්කා ගෙම්බෙක්. එයා ගෙම්බට කතා කරල මෙහෙම කිව්වා.
''යාලුවේ, ඔයාට පුළුවන් ද මාව ඔයාගේ පිටේ තියාගෙන එගොඩට පීනන්න?''
''අම්මෝ කොහෙත්ම ඒක නම් කරන්න බෑ. ටික දුරක් යනකොට ඔයා මගේ පිටට දෂ්ට කරාවි.''
''පිස්සුද යාලුවා, එහෙම කරොත් මමත් ගිලිලා මැරෙනවනේ, ඒ නිසා මම ඒ වගේ මෝඩ වැඩක් කරන්නේ මොකටද?''
ගෙම්බත් ටිකක් කල්පනා කරල හිතුවා ගෝනුස්සා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා කියලා.
''හරි, එහෙමනම් මගේ පිට උඩට නඟින්නකෝ''
මේ විධියට ගෙම්බා ගෝනුස්සවත් අරගෙන ටික දුරක් වතුරේ යද්දී ගෝනුස්සා තමන්ගේ දළ කොටසෙන් ගෙම්බගේ පිටට දෂ්ට කරා. දැන් දෙන්නම ගිලෙනවා.
''ඇයි මට දෂ්ට කරේ, පොරොන්ඳු වුනා නේද එහෙම කරන්නේ නෑ කියලා?''
''හ්ම්ම්... ඔව් ඒක නම් ඇත්ත, ඒත් පුරුද්දට වගේ මට එහෙම වුනා''
අපි කාලයක් තිස්සේ දෙයක් පුරුදු පුහුණු කරොත් ඒකෙන් එක්වරම මිදෙන්න නම් හරිම අපහසුයි. හොඳ දෙයක් වුනත්, නරක දෙයක් වුනත් ඒ දෙකටම මේ නීතිය පොදුයි. ඉතිං යාලුවනේ අපිත් නිතරම හොඳ දේවල් පුරුදු පුහුණු වෙමු ! ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ නේද?

Post Your Comments
    Name * :
    Comments* :
    Human User Verification* :
    Your Comments....
    hikzzzzzzzzzz
    shashiN
    janmeta wada purudda lokuii kiyana kathawata man viruddaiii..mokada janmayen ana naraka purudu thiyanawanam apita puluwan ain midenna.....hithuwoth apita karanna beri deyak ne ..yahapath deema sithanna....obata aniwaryenma jaya niyathaiiiii........anika api poronduwak unoth ae poronduwa api aniwaaryenma eto karanna oona..........jaya wewaaaa
    jeruselam/Nilmini
    Recent Post
    | Home | Hirufm Main Page | Asia Broadcasting Home | About Us | Contact Us |
    Copyright  Asia Broadcasting Corporation Private Limited. Site by 3CS