The Red Light | ◄ රතු එළිය ►
Thursday, 12 January 2012 - 10:58 PM
Bookmark and Share
Comments (9)
Views 5399 Times

එය එක්තරා නගරයක පිහිටි සුපිරි පෙළේ නොවුනත් යම් මට්ටමකට පහසුකම් සපිරි පාසලක ප්‍රාථමික අංශයේ පන්තියක්... ළමයි සියළුම දෙනා ආශාවෙන් ගුරුතුමිය සමඟ පාඩමට සම්බන්ධ වී හිටියා. 
"ළමයි අපි අද ඉගෙන ගන්නේ මහපාරේ අපිට දකින්නට ලැඛෙන සංඥා එළි ගැන, නැත්නම් කවුරුත් කියන විදියට traffic lights ගැන"

දිගටම ගුරුතුමිය traffic lights ගැන ළමයින්ට විස්තර කරගෙන ගියා.

"ළමයි රතු වැටිලා තියෙනකොට අපි ඉවසගෙන ඉන්න ඕනි කොචිචර පරක්කු වුනත්, තේරුණාද? ඊට පස්සෙ කහ එළිය වැටිලා අපිට සූදානම් වෙන්න කියනවා. ඊටත් පස්සෙ කොළ එළිය වැටුනහම අපිට යන්න පුළුවන්.”

මෙහෙම දිගටම පාඩම විස්තර කරගෙන යනකොට ගුරුතුමියට හිතුනා ළමයින්ට කම්මැලි වගේ කියල. ගුරුතුමිය ටිකක් පාඩම වෙනස්කළා.

"හරි, හොඳ ළමයි වගේ දැන් මට කියන්න රතු එළිය වැටිල තියෙනවට අකමැති ළමයි කවුද කියල. ආ එහෙනම් අත උස්සන්නකො බලන්න”

Traffic lights වල රතු එළිය වැටී ඇතිවිට ළමුන් පමණක් නොවෙයි කවුරු වුනත් අකමැති බව දැන දැනත් ගුරුතුමිය ඒ ප්‍රශ්නය ඇහුවේ ළමයින්ගේ අවධානය තමන් වෙත යොමුකර ගන්නයි.

පන්තියේ සියළුම ළමුන් එකහෙළා අත් උඩට ඔසවාගෙන සිටි නමුත් දෙවැනි පේළියේ අවසානයේ ඉඳගෙන හිටිය සුපුන් අත් උස්සන්නේ නැතිව බිම බලාගෙනම ඉන්නවා ගුරුතුමිය දැක්කෙ ටිකක් වෙළා ගිහිල්ලා. ගුරුතුමියට ටිකක් පුදුම හිතිල සුපුන්ට කතා කළා.

"සුපුන්, පුතේ ඔයා ඇයි අත් උස්සන්නෙ නැත්තේ? ඇයි ඔයා traffic lights එකේ ඉන්න ආසයි ද?”

ළමයි හිනා වුනා.

සුපුන් තාමත් බිම බලාගෙන වමි කකුලේ දාල තිබුණු කැඩිච්ච සපත්තුවෙන් එළියට පැනපු ඇඟිල්ලෙන් සිමෙන්ති පෙළොවේ කුරුටු බලි ඇන්දා.

"පුතේ උත්තරයක් දෙන්න... කියල තියෙනවනේ ගුරුවරු ප්‍රශ්නයක් ඇහුවම කථාකරන්න ඕන කියලා”

ගුරුතුමියගේ හඬ සුපුන්ට ඇහුනේ දෝංකාර දෙන ගමන්. හිමීට ඔලූව උස්සල පුටුවෙන් නැගිටපු සුපුන් ''ටීචර් මම රතුපාටට හරිම ආසයි. ඒකයි මම රතු එළිය වැටිල තියෙනවට කැමති” කියලා ගුරුතුමියගෙ මූණ බලන්නෙත් නැතුව අහක බලාගෙන උත්තරයක් දීලා වාඩි වුනා. අහිංසක වගේම චිත්‍ර ඇඳීමෙහි දක්ෂයෙක් වූ සුපුන් අතින් සිත්තම් වුණු එකම චිත්‍රයකවත් රතුපාට අහලකවත් යොදාගෙන නැතිබව හොඳින්ම දැනසිටින ගුරුතුමියට සුපුන් මේ කිවුවේ ඇත්තක් නොවන බව ක‍ෂණිකව වැටහුණා.
ර්‍
"බොහොම හොඳයි පුතා. තමන් කැමතිදේ කියන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ සුපුන්ගෙ කැමැත්ත”

පාසල ඇරුණා... ළමයි ඔක්කොම ගෙවල් වලට යන්න ලහි ලහියේ පිටත්වුණා.

''සුපුන් පොඩ්ඩක් ඉන්න පුතේ”

ගුරුතුමිය සුපුන්ව නවත්ත ගත්තා. ළමයි ඔක්කොම යනකන් ඉඳලා ගුරුතුමිය සුපුන්ගෙන් මෙහෙම ඇහුවා.

''පුතේ ඇයි ඔයා ඒ වෙලාවෙ බොරු කිවුවේ? ඔයා රතුපාටට ආස කෙනෙක් නෙවෙයි. ඇයි ඔයා රතු එළියට කැමති? මට ඇත්ත කියන්න පුතේ... ”


සුපුන් ටික වෙළාවක් බිම බලාගෙනම කල්පනා කළා. ටික වෙලාවකින් බිම බලාගෙනම එකදිගට මෙහෙම කියාගෙන ගියේ ඉකි ගහන ගමන්.

"ටිචර්, අපේ තාත්ත traffic lights තියෙන තැන්වල නවත්තන වාහන වලට හඳුන්කූරු විකුණල තමයි අපිට කන්න දෙන්නෙ... කොළ එළිය වැටුණු ගමන් තාත්තගෙන් හඳුන්කූරු ගන්නෙ නැතුව වේගයෙන් යන වාහන දිහා අපේ තාත්ත හරිම දුකෙන් බලාගෙන ඉන්නවා මම දැකලා තියෙනවා... මට ඒ වෙලාවෙ තාත්තගෙ මූණ මතක්වුණා... රතු එළිය වැටිල තියෙනවට මම ආස එකයි ටීචර්...”

නිමි.

පිටපත - Chamila Prasad Karunarathne 
----------------------------------------------------------------------------
අපි මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ.
ඔබම කල්පනා කරල බලන්න... කැමතිනම් මිතුරන් අතරේ SHARE කරගන්න...

Post Your Comments
    Name * :
    Comments* :
    Human User Verification* :
    Your Comments....
    laksha ganan winasakarana me rate mewage daruwanta udawkaranna hirufm peramuna ganna apith enawa oyalath ekka
    ashvin chamara
    demawpiyange duka satheta baldu karana daruvo inna me vage samajeka mehema putthu inna eka ratatama vasanavak......
    Hansika
    aththatama duka hithena kathavak
    pahan
    akanam maraiiiiiiiiiiiiiiiiiii
    vihanga
    wow e kathawa nam sirawatama bokkata wadinawa
    Ishan
    Apith asaranayatna pihita wemu!!!!!!!!!!!! Ounge balaporoththu Saba karamu!! 
    Mahesh
    harima sanwedi kathawak.
    Nisha
    aththatama dukakathawak tama,,,eth kawadahari e wage puthek enna thatha kenekuta waradinne nahe, mokada putha thaththa gena hithana nisa,,,
    dilhara
    minissu thamange eda wela gatagahagann apamana dewal karanawa.. eth a hama kenekma godak ahinsakai.. samaharunta thaman karanade hodaida narakaida kiyannawath daneemak na.. mokada badaginne inna bari nisa.. meka marama lassana kathawak
    ACHILA
    Recent Post
    | Home | Hirufm Main Page | Asia Broadcasting Home | About Us | Contact Us |
    Copyright  Asia Broadcasting Corporation Private Limited. Site by 3CS