Fisherman ◄ ධීවරයා ►
Thursday, 12 January 2012 - 09:36 PM
Bookmark and Share
Comments (6)
Views 5717 Times

ඇමරිකානු ව්‍යාපාරිකයෙක් කුඩා මෙක්සිකානු ධීවර වරායක ඉන්නකොට, ධීවරයෙක් තනියම පොඩි බෝට්ටුවක් පදවගෙන වරායට සේන්දු වෙනව. ඇමරිකානුවා බෝට්ටුවට එබිලා ධීවරයා අල්ලගෙන ආපු කෙලවල්ලෝ කීප දෙනාගෙන් එකෙක් අතට ගත්තා.

ෂා !!! මරු මාළු ටික. ඇමරිකානුවා කිව්වා.

මුන් ටික දෙනා අල්ලන්න තමුසෙට කොච්චර වෙලාවක් ගියාද ?

පොඩි වෙලාවයි මහත්තයා.

ඇමරිකානු ව්‍යාපාරිකයා නළලත් රැළි ගන්වාගෙන මෙහෙම අහනවා...

ඇයි තමුසේ තව ටික වෙලාවක් මූදේ ඉඳලා, තව වැඩිපුර මාළු ටිකක් අල්ලන් එන්නෙ නැත්තේ ?

මගෙ පවුලෙ දවසෙ වියදමට මේ ඇතිනෙ මහත්තයෝ.

හ්ම්ම්... ඒත් තමුසේ මොනවද දවසෙ ඉතුරු වෙලාවෙ කරන්නෙ ? ව්‍යාපාරිකය ඇහුව.

මෙක්සිකානු ධීවරය මෙහෙම උත්තර දෙනව.

මම ටිකක් දවල් වෙනකම් නිදාගන්නව. ඇහැරුනාට පස්සෙ මාළු දෙතුන් දෙනෙක් අල්ලගන්නවා.

ඊට පස්සෙ ගෙදර ඇවිත් ළමයිත් එක්ක ටිකක් සෙල්ලම් කරනවා.

දවල්ට කාලා මගේ නෝනා මරියාත් එක්ක පොඩි නින්දක් දානවා,

හවහට ගමේ ඇවිදල, යාළුවොත් එක්ක වයින් ඩිංගක් බීලා, ගිටාර් පාරක් ගහලා සින්දුවක් කියල සතුටු වෙනවා. මට බොහොම කාර්යබහුල, සම්පූර්ණ ජීවිතයක් තියෙනව මහත්තයෝ.

ඇමරිකානුවා බොහොම බැරෑරුම් පෙනුමක් මූනට අරගෙන, ධීවරයා දිහාවට ඇඟිල්ලකුත් දික් කරගෙන මෙහෙම කියනවා.

මට හාවඩ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් තියෙනවා. මට පුළුවන් තමුසෙට උදව් කරන්න.

තමුසෙට පුළුවන් දවසෙන් තව වැඩි වෙලාවක් මාළු බාන්න යොදවන්න. ඒකෙන් හම්බවෙන අමතර මුදල ඉතිරි කරලා, මීට වඩා ලොකු බෝට්ටුවක් ගන්න පුළුවන්. ඒ ලොකු බෝට්ටුවෙන් මාළු අල්ලලා හම්බවෙන මුදලින්, තමුසෙට තව බෝට්ටු කීපයක් ගන්න පුළුවන්. වැඩිකල් නොයාම තමුසේ බෝට්ටු ගොඩක් අයිති මුදලාලි කෙනෙක් වෙනවා. ඊට පස්සේ අතරමැදියන්ට විකුණනව වෙනුවට, තමුසෙගෙ මාළු කෙලින්ම පාරිභෝගිකයන්ට විකුණලා, වැඩි මුදලක් ලබාගන්න පුළුවන්. ඒ මුදල් වලින් තමුසෙට, තමුසෙගෙම මාළු ටින් කරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න පුළුවන්. තමුසේ තමයි ඒවා නිෂ්පාදනය කරල ඛෙදාහරින්නේ. ඊට පස්සේ මේ මෙක්සිකානු වෙරළබඩ පුංචි ගම අතහැරල, තමුසෙට ලොස් ඇන්ජලීස් වල පදිංචි වෙන්න පුළුවන්. එතනින් නිව්යෝක් වල පදිංචියට ගිහින්, මාළු ව්‍යාපාරය හතර දිබ්බාගෙම ව්‍යාප්ත කරලා, ලෝකෙ ඉන්න අංක එකේ ව්‍යාපාරිකයෙක් වෙන්න තමුසෙට පුළුවන්.

ඇමරිකානුවාගේ දේශනය කට ඇරන් අහන් හිටපු මෙක්සිකානු ධීවරයා මෙහෙම අහනවා.

එතකොට මහත්තයෝ, ඔය වැඩේට කොච්චර විතර කාලයක් යයිද ?

අවුරුදු පහලොවක්, විස්සක් විතර...

ඒත් මහත්තයා, ඊට පස්සේ මොනවද මම කරන්නේ ?

ඊලඟට තමයි අයිසේ හොඳම හරිය තියෙන්නේ...

තමුසෙට පුළුවන් තමුසෙගේ ව්‍යාපාරයේ කොටස් මහජනතාවට නිකුත් කරන්න. තමුසෙට මිලියන ගණන් හම්බකරලා, ලෝකෙ ඉන්න පොහොසත්ම ව්‍යාපාරිකයන්ගෙන් කෙනෙක් වෙන්න පුළුවන්.

ඇමරිකානුව කියනවා.

මිලියන ගනන් ??? ඊට පස්සෙ මහත්තයො ? ධීවරයා හිස් බැල්මක් එක්ක ඇහුවා.

ඇමරිකානුව ටික වේලාවක් කිසිම අදහසක් නැතුව, ඇස් දෙකත් ලොකු කරගෙන ධීවරයා දිහා බලන් හිටියා. ඊට පස්සේ කටේ ඇඟිල්ලකුත් ගහගෙන බිම බලන් කල්පනා කරන්න පටන්ගත්තා.

ධීවරයා ඇමරිකානුව දිහා උත්තරයක් දෙනකන් බලන් ඉන්නව.

අන්තිමට ඇමරිකානු ව්‍යාපාරිකයා, ඔලූවත් කහ කහ හෙමිහිට මෙහෙම මිමිණුවා.

ඊලඟට ඔබට පුළුවන් විශ්‍රාම යන්න... විශ්‍රාම ගිහින් පුංචි වෙරළබඩ ගමකට ගිහින් පදිංචි වෙන්න. එහිදි පුළුවන් ටිකක් දවල් වෙනකම් නිදාගන්න. ඇහැරිලා පොඩ්ඩක් මාළු බාන්න. මාළු දෙතුන් දෙනෙක් අල්ලලා, ගෙදර ඇවිත් මුණුබුරොත් එක්ක ටිකක් සෙල්ලම් කරන්න. දවල්ට කාලා, නෝනත් එක්ක ටිකක් නිදාගන්න. හවසට ගමේ ඇවිදල, වයින් ටිකක් බීලා, යාළුවොත් එක්ක ගිටාර් ගහලා සින්දු කියලා සතුටු වෙන්න...

අපගේ ජීවිතයේ ඇති සුන්ඳර බව රැඳී ඇත්තේ මුදල් මත නොව, අපගේ ආකල්ප මතය. ජීවිතය සරළ වන තරමට ජීවිතයේ සුන්ඳර බව අත්විඳිය හැකි බව අපේ යාලුවෝ හැමෝම මතක තබා ගන්න...

Post Your Comments
    Name * :
    Comments* :
    Human User Verification* :
    Your Comments....
    that z true
    Dayan
    yesss its true
    kushan perera
    Eth api diunu wela loke number one businessman wenna puluwan unoth mama nisa Jobs nathi,Karakiyaganna bariwa duk widina duppath minisun kee lakshayakata Jobs denna puluwanda.. mage business nisa families keeyak ewagen jeewath weida.. eka nisa Thaman gana witharak hithala Diunu wenna epa.. Thamange Country ekata Mulu lokayatama wadak/udauvwak karanna Target karagena Diunu wenna..... tks.. hope u'll agree with me.....!
    Malan Aravinda GUnathilake
    Kathawa aththa
    L'shan
    sallima newey geevitey kiyanney...............
    jeruselam/Nilmini
    sallima newey geevitey sathuta kiyanney..........
    jeruselam/Nilmini
    Recent Post
    | Home | Hirufm Main Page | Asia Broadcasting Home | About Us | Contact Us |
    Copyright  Asia Broadcasting Corporation Private Limited. Site by 3CS