◄ පරිත්‍යාගය ►
Sunday, 26 February 2012 - 04:22 PM
Bookmark and Share
Comments (6)
Views 6353 Times

මං එදා උදේ බස් එකට නැග්ගෙ, අම්මාව බලන්න ඉක්මනට ඉස්පිරිතාලෙට යන්න හිතාගෙන. මගේ අතේ අම්මාට උදේට කන්න ගෙනියන්න ඉඳිආප්ප පාර්සලයකුයි, කිරිහොදි දාපු භාජනේකුයි තිබුණා. පාන්දර 5 ට කොළඹ යන බස් එකේ මට වාඩිවෙන්න සීට් එකක් ලැබුණා. අම්මාගේ කෑම එක ඉහිරෙන්නෙ නැතුව පරිස්සමට ගෙනියන්න සීට් එකක් ලැබුණු එක ලොකු දෙයක්. 

කහතුඩුවේ හන්දියේ බස් එක නතර කළා. දරුවෙක් ලැඛෙන්න හිටපු ගෑණු ළමයෙකුයි, එයාගේ මහත්තයායි බස් එකට නැග්ගෙ ඒ වෙලාවේ. මම ඉක්මනට නැගිටලා වාඩිවෙන්න ඉඩ දුන්නා. බඩදරු අම්මා කෙනෙකුට මගේ අතේ තිබුණු කෑම පාර්සලේවත් දීලා බරක් වෙන්න මගෙ හිත ඉඩ දුන්නේ නෑ. බස් එක පුදුම වේගෙන් කොළඹට ගියේ. සෙනගත් එන්න එන්නම වැඩිවුණා. කෑම පාර්සලය එහෙට මෙහෙට වේගෙන් පැද්දුණා.

පිළියන්දලදී, අර ගෑණු ළමයාට එහා පැත්තේ හිටපු මනුස්සයා බැස්සා. මම එතනින් වාඩිවෙන්න හදනකොටම ඒ ගෑනු ළමයා මට කිව්වා, 

"මෙතන මගේ හස්බන්ඩ්ට ඉඳගන්න ඉඩ දෙනවාද?" කියලා

මම නිහඩ වුණා... එයාගේ හස්බන්ඩ් ඇවිත් සීට් එකෙන් ඉඳගත්තා. මම කෑම එකත් අතේ තියාගෙන තාම හිටගෙන. බස් එක විදුලි වේගෙන් ආපු හින්දා 5.50 වෙනකොට ටවුන් හෝල් වලින් බැහැගන්න පුළුවන් වුණා. මම පුළුවන් තරම් ඉක්මනට අම්මාව බලන්න ඉස්පිරිතාලෙට ගියා. මං කෑම එක ගේනකම් අම්මා බලාගෙන ඉන්නේ.

මම වාට්ටුවට ගිහින් අම්මාගෙ ඉස්සරහ කෑම එක දිග ඇරියා. අනේ දෙයියනේ කිරිහොදි ටික ඔක්කොම ඉහිරිලා. අමාරුවෙන් ඉඳිආප්ප ටික විතරක් එළියට ගත්තා. ඒත් හොදි නැතුව ඉඳිආප්ප විතරක් අම්මාට කන්න දෙන්නෙ කොහොමද? අම්මා කවදාවත් කඩේ කෑම කන්නේ නෑ.

අම්මා මං දිහා බලලා, ඇස් පුංචි කරලා ආදරෙන් හිනා වුණා.

"කමක් නෑ මගේ පුතේ, මං ඉදිආප්ප ටික නිකම් කන්නම්"

ඒ වෙලාවේ මට ඇතිවුණු හැඟීම් වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මේ ලොකේ හැම අම්මා කෙනෙක් ගැනම මගේ හිතේ තිබුණේ පුදුමාකාර ගෞරවනීය හැඟීමක්. උදේ බස් එකේදී සිද්ධවුණු සිද්ධියද මේ හැමදේටම මුල කියලා මට හිතුණා.

 

සටහන - මධුභාෂීණී කිරිඇල්ල

 

මේ වගේ දේවල්වලට මහමගදී ඔබත් මුණදීලා ඇති. ඔබේ පරිත්‍යාගශීලිභාවය කෙනෙකුට ලොකු පිහිටක් වෙන්න පුළුවන්. ඒත් තවත් වෙලාවක ඔබටම කරදරයක් වෙන්නත් පුළුවන්. ඔබට මොකද හිතෙන්නේ?

''ඔබටත් මෙවැනි නිර්මාණශීලී අදහස් ඇත්නම් අප වෙත යොමු කරන්න. ඒවා ඔබගේම නමින් පළ කිරීමට අප සුදානම්.''

E-mail - hirufmworld@gmail.com

Post Your Comments
    Name * :
    Comments* :
    Human User Verification* :
    Your Comments....
    kenekta udawwak karanna ona thenadi karanawa eth adala nathi kenata ida denna hoda na
    chathurika
    Me wage aya inne 100n kiyada.
    Samantha
    Dhuk wenna epa.dharuweka labenna inna amma kenekuta Bus ekedhi Sheet ekak dhena eka loku pinak.a aya karapu de nam waradi thamai....
    Shan - Bogawantalawa
    katawa nam atta. habai loke hamome ehema na.
    chatu
    YeS OF Couese!
    Theekshana (Ambalantota)
    good news to all ,,,,,
    ashoka jayasuriya
    Recent Post
    | Home | Hirufm Main Page | Asia Broadcasting Home | About Us | Contact Us |
    Copyright  Asia Broadcasting Corporation Private Limited. Site by 3CS