Friday, 18 October 2013 - 09:15 PM
මේක අපේ රටේ සිදුවුන දෙයක් නම් නෙමෙයි.... ඒත් මේ කතාව කියවලා බලන්න මීට පෙර මෙහෙම දෙයක් අහලා තියනවද කියලා.... මේ සිද්ධිය වුනේ 2009 දෙසැම්බර් මස 15 වනදා නමුත් මේ දරුවාගේ මළ සිරුර සොයා ගනු ලැබුවේ 2011 වසරේ සැප්තැම්බර් මාසයේදීයි. එංගලන්තයේ වෙස්ට් යෝක්ෂයේ තමයි මේ සිදුවීම වාර්තා වුනේ. තවමත් මේ සිදුවීම අධිකරණයේ විභාග වන නඩුවක්. මේ මව අමන්දා හට්න් (Amanda Hutton) නම් 43 හැවිරිදි කාන්තාවක්. තදින් බීමත්කමට ඇබ්බැහි වූ මෙම කාන්තාව මේ ළදරුවාගේ ආහාර පාන, සෞඛ්‍ය තත්ත්වය ගැන පොඩ්ඩක්වත් හොයා බලා තිබුනේ නැහැ. මේ කාන්තාවත් සමඟ ...  Read More
Thursday, 17 October 2013 - 04:01 PM
ලස්සන වෙනවා කිව්වොත් කාන්තාවන් මොනවද නොකරන්නේ ? හැබැයි සමහරු නම් කියනවා කොච්චර මොනවා කළත්, උපන් කැත නම් අරින්න බෑ කියලා. ඒත් සුපිරි තරු නම් ඒකටත් උත්තරයක් හොයාගෙන තියෙන්නේ. අපේ හිතට පොඩි බයක් ආවත් හොලිවුඞ් වගේම බොලිවුඩ් නළු නිළියන්ට නම් ප්ලාස්ටික් සැත්කම් කියන්නේ හරිම සාමාන්‍ය දෙයක්. ඒ හැම කෙනෙක්ම වගේ ප්ලාස්ටික් සැත්කම් වලින් තමන්ගෙ පෙනුම පොඩ්ඩ පොඩ්ඩ හරි වෙනස් කරගෙනයි ඉන්නේ. බොලිවුඞ් වලින් අපිට ලැබුණු අලූත්ම ආරංචියෙ හැටියට,සුපිරි නිළි ශ‍්‍රී දේවි ආපහු සැරයක් ප්ලාස්ටික් සැත්කමක් කරගෙන.කවුරුත් ...  Read More
Saturday, 05 October 2013 - 11:47 PM
ලෝක ළමා දිනය යෙදී තිබුනේ පසුගිය (01) වන දිනයයි. එමෙන්ම එය පහ ශ්‍රේණියේ දරුවන්ට තීර‍නාත්මක දිනයක් වුනා. මන්ද යත් එදිනට පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වීමයි. ප්‍රතිඵල නිකුත් වු උණුසුම යන්නටත් මත්තෙන් අපිට අවාසනාවන්ත සිදු වීමක් වාර්තා වුනා. මේ අවාසනාවන්ත සිදුවීම අපට වාර්තා වූයේ බගවන්තලාව වත්තපහළ ප්‍රදේශයෙනී. අපට අනාවරනය වූ ආකාරයට අනුව ගිනියම් කළ යකඩ බටයකින් පියා විසින් තම පුතාට පහර දී ඇත්තේ ශීෂ්‍යත්ව විභාගය අසමත් වූ බැවිනි. යකඩ බටයෙන් පහර කෑ දරුවා බගවන්තලාව වත්තපහළ රෝහලේ නේවාසිකව ...  Read More
Saturday, 05 October 2013 - 07:34 PM
  දවසක් රජ කෙනෙක් තමුන්ගේ වහලෙකුත් සමග මුව දඩයමේ ගියාලු. කැලේ මැදදි මේ දෙන්නට කැලේ හිටපු දරුණු කොටියෙක් පහර දුන්නලු. දෙන්නම කොටියත් එක්ක පොරබදල කොහොම හරි කොටියව මරල දැම්මලු. නමුත් සටන අවසානයේදි රජතුමාගෙ එක ඇඟිල්ලක් අහිමි වෙලා තිබ්බලු. මේක දැකල කලකිරීමට පත්වුන රජතුමා දෙවියන්ට මැසිවිලි තියන්න ගත්තලු " අහෝ, දෙවියනි.. ඔබ මගේ ඇඟිල්ලක් අහිමි කෙරෙව්ව, ඇයි ඔබ එහෙම කලේ .. ? " ආදී වශයෙන්. දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයක් තිබුන වහලා කිව්වලු, "එහෙම කියන්න එපා රජතුමනි, අප ජීවත් වන එක ගැන දෙවියන්ට අප ස්තූතිවන්ත ...  Read More
Saturday, 05 October 2013 - 01:53 PM
මම මාළු මුදලාලි කෙනෙක් ළඟ වැඩකළා.. ලොරියක් අරගෙන මාළු බිස්නස් කරන්න ඕනේ කියලා මට හිතුණා.. මගේ අතේ තිබුණු සල්ලිත් දාලා මම ”ෆිනෑන්ස්” කරලා ලොරියක් අරගත්තා.. මම හිතපුතරම් බිස්නස් සරු වුණේ නැහැ.. එන්න එන්නම බිස්නස් එක වැටුණා.. මාස පහකින් විතර ”ෆිනෑන්ස්” එක ගෙවාගන්න බැරිවුණා.. ”මගේ ලොරිය ”ෆිනෑන්ස්” එකෙන් උස්සන නිසා ඒක කොහේහරි හංගන්න ඕනේ කියලා මම හිතුවා..” ”මම දන්න කෙනෙක් කළුතර හෝටලයක වැඩ කළා.. මම වැටිලා ඉන්න අමාරුව ගැන එයාට කිව්වා.. එයා කිව්වා ලොරිය හෝටලයේ හංගලා ඔයගොල්ලොත් හෝටලයේ වැඩ ...  Read More
Wednesday, 02 October 2013 - 05:17 PM
ව්‍යාජ දරු ගැබක් සහිත කාන්තවක් ඔබ මීට පෙර දැක තිබෙනවා ද ?. හිතන්නත් අමාරුයි නෙද ? මේ සිදුවිම උනේ අපේ ලංකාවේ නම් නෙවෙයි ජදකදපඉස් වේ ඊදටදඒ ෂබඑැරබ්එසදබ්ක ්සරචදරඑ දි කොළොම්බියා ජාතික කාන්තාවක් ව්‍යාජ දරු ගැබක් තුල  කොකේන් 2නට සගවා ගෙන යමෙට තැත් කිරිමේදි පසුගිය දිනෙක අත්අඩංගුවට පත් වුනා හිතන්නත් අමාරුයි නේද ? මේ සිදුවිම උනේ අපේ ලංකාවේ නම් නෙවෙයි Colombia වේ Bogota International Airport දි කැනේඩියන් ජාතික කාන්තාවක් ව්‍යාජ දරු ගැබක් තුල  කොකේන් 2kg සගවා ගෙන යමෙට තැත් කිරිමේදි පසුගිය දිනෙක අත්අඩංගුවට පත් ...  Read More
Monday, 23 September 2013 - 04:07 PM
ඔබේ දරුවා බිත්තියේ කුරුටු ගෑ විට ඔබට තරහා යනවාද ? එසේ නම් ඔබ මෙය අනිවාර්යයෙන්ම කියවන්න. ගෙදරට බඩු ගේන්න සාප්පු සවාරියෙහි යෙදුණ අම්මා බඩු සියල්ල රැගෙන කුස්සියට පැමිණියා. ඇය එනතුරු බලා සිටි ලොකු පුතා, මල්ලී කරපු දඟ වැඩක් ගැන කියන්නට පටන් ගත්තා. අම්මේ මට කියන්න දෙයක් තියෙනවා. තාත්තා කෝල් එකක...  මල්ලී නරක වැඩක් කළා. මල්ලි බිත්තියේ චිත‍්‍රයක් ඇන්දා. මම එපා කිව්වා. ඒත් එයා ඇන්දා   ඇයට තරහ ගියා .... දැන් එයා කොහේද ඉන්නෙ? ඇය ඉතා වේගයෙන් ඇගේ පුංචි පුතා සොයා ගෙන ගියා. ඇය පුතාගේ නම කියා ඇමතුවා. ඔහුගේ කාමරයට ...  Read More
Sunday, 15 September 2013 - 11:39 PM
කොහොමද මෙයාගෙ ඇඳුම්මාරු කිරිල්ල.. ඔයාලත් බලන්නකො මේවගේ වැඩක් ඔයාලටක් කරන්න පුළුවන්ද කියල. මෙයා විනාඩි දෙකක කාලයක් තුල ඇදුම් මෝස්තර ගණනාවක් ඉදිරිපත් කරනවා. බලන්නකො කොහොමද කියල මෙයාගෙ වැඩ.  Read More
Monday, 02 September 2013 - 11:09 AM
ජීවිතේ විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන්ගෙන් අපිට තෑගි ලැබෙනවා. එහෙත්, ඔබ නොසිතූ මොහොතක, කිසිදා නොදන්නා කෙනෙකුගෙන් තෑග්ගක් ලැබුණොත් ? එහෙම කතාවක් තමයි මේ කියන්නේ. මම රෝස්, බස් රථ රියදුරුවරියක්, හැම සතියකට වතාවක් වගේ බස් රථයට නගින පුද්ගලයෙක් ගැන මං කියන්නයි යන්නෙ. ඔහුගේ නම චාලි හැම සෙනෙසුරාදාකම, හොඳින් ඇඳගෙන මල් කළඹකුත් අරගෙන චාලි මගේ බස් එක එනකම් බලාගෙන ඉන්නවා.  ඇත්තටම ඔහු හරිම ආදරණීය පුද්ගලයෙක්. ඔහුව දකින්න මාත් හරිම ආසාවෙන් ඉන්නෙ. එක් සෙනෙසුරාදා දවසක චාලි මගේ බසයට ගොඩවී ඔහුගේ ගමන් ...  Read More
Monday, 12 August 2013 - 11:02 AM
සාර්ථක ව්‍යාපාරිකයෙක් තමන් වයස්ගත වනවාත් සමඟ තීරණයකට එළඹිනි. ඒ සාර්ථක තරුණයෙකු හට තම ව්‍යාපාරික කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා භාරදීමය.තම දරුවන් හෝ අධ්‍යක්ෂකවරුන් ඒ සඳහා තෝරා ගැනීම වෙනුවට යම් වෙනසක් සිදුකිරීමට ඔහු තීරණය කළේය. ඔහු ආයතනයේ සියළුම තරුණ විධායක නිලධාරින් එකවර කැඳවා මෙසේ ප‍්‍රකාශයට පත් කලේය.‘‘දැන් මා මෙම ව්‍යාපාරික කටයුතු වලින් ඈත්වී ඒ වෙනුවට නව ප‍්‍රධාන විධායක නිලධාරියෙකු තෝරා ගැනීමට නියම කාලය පැමිණ ඇත. ඒ සඳහා ඔබලාගෙන් එක් අයෙකු තෝරා ගැනීමට මා තීරණය කර ඇත්තෙමි.’’තරුණ ...  Read More
Saturday, 20 July 2013 - 04:31 PM
තමන්ගේ රැකියාවේ ඉතා ඉහලට ගිය පුද්ගලයෙකුට තම මව, තමාට කළ දේවල් වලට යුතුකම් සැලකිය යුතුයි සිතුනා."අම්මේ...  ඔබට මොනවද අවශ්‍ය? ඔබ මට කල සියළු දේට මට ඔබට ණය ගෙවන්න  ඕන." ඔහු තම මවට පැවසුවා. "ඇයි ඔබ එහෙම සිතන්නේ.. එහෙම අවශ්‍යතාවයක් නෑ.." මව පුදුමයෙන් පැවසුවා..නමුත් පුතා දැඩි ලෙස ඉල්ලීම් කලා. අවසානයේ ඇය මෙසේ පැවසුවා.."හරි.. ඔයා පුංචි කාලේ වගේ මාත් එක්ක මගේ ඇඳේ නිදා ගන්න"පුතා ඉල්ලීමට එකඟ වුණා. ඉතා ඉක්මනින් ඔවුන් නින්දට වැටුනා. නමුත් මව නැගිට ගොස්, වතුර  භාජනයක් ගෙනවිත් පුතා සිටින කොටසේ ඇඳට හෙළුවා. තෙත ගතිය ...  Read More
Tuesday, 18 June 2013 - 05:47 PM
ඉතාමත් දුප්පත් මනුස්සයෙක් තම බිරිඳ සමග ජීවත්වුණා. ඔහුගේ බිරිඳ සතුව දිග කොණ්ඩයක් තිබුණා. ඇගේ කොණ්ඩයට සාත්තු කරන්න තමාට පනාවක් ගෙනත් දෙන ලෙස ඇය සිය සැමියාගෙන් ඉල්ලා සිටියා.සැමියාට තම බිරිඳ ගැන දුක හිතුනත් ඔහුට පනාවක් අරන් දෙන්න මුදල් නැතිබව ප‍්‍රකාශ කලා. තමාගේ කැඩුන ඔරලෝසුවට පටියක් දා ගන්නවත් තමා ලඟ මුදල් නැති බව ඔහුට කියා සිටියා. ඇය කමක් නෑ කියා සිත හදාගත්තා.පසු දින තම රැකියාවට  ගොස් නැවත එනවිට ඔරලෝසු කඩයක් දුටු සැමියා, තම කැඩුන ඔරලෝසුව අඩු මුදලකට විකුණා දමා ඒ මුදලින් තම බිරිඳට පනාවක් ...  Read More
Sunday, 16 June 2013 - 10:46 AM
ශී‍්‍ර ලංකාවේ අපිට දෙමව්පියන් වෙනුවෙන් දින සැමරීම ඇතැම් විට පුදුම සහගත කරුණක්. එහෙත් අද වනවිට සමස්ථ ලෝකයම එය සංස්කෘතික ලක්‍ෂණයක් බවට පත්කරගෙන තිබෙනවා. අම්මාට තාත්තාට නොසලකන ලෝකයක ඔවුන් වෙනුවෙන් එක් දිනක් හෝ විශේෂීකරණය කිරීම,  ගෝලීයකරණය වූ කාර්යබහුල ජීවිතයක ජීවත් වන දරුවන්ට යම් තරමකින් හෝ දෙමව්පිය ගුණය සිහිපත් කරන්නක්. ඒ අනුව ලෝක පියවරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා සෑම වසරකම ජුනි මාසයේ තුන්වන ඉරිදා දිනයයි ලෝක පියවරුන්ගේ දිනය ලෙස සැමරෙන්නේ. මෙය 1910 දී පමණ ඇමෙරිකාවෙන් ආරම්භ වූ බව සඳහන්ය. 1916 ...  Read More
Friday, 31 May 2013 - 01:44 PM
පාර අයිනෙ තිබුණු පුංචි පෙට්ටි කඬේ දැක්කම,ඉස්කෝලෙ ගිය කාලෙ කොල්ලො රංචුවක් එක්ක කාපු බීපු හැටි අනුෂ්කට මතක් වුණා. තරු පහේ හෝටලේකින් තුන්වේලම කන්න  ඕනවටත් වැඩිය වත්කම තිබුණත්, අනුෂ්ක දෙපාරක් නොහිතා පෙට්ටි කඬේ ළඟ කාර් එක නතර කළේ, හිතින් තාමත් අතීතෙට ආදරේ කරපු නිසා.පොල් නැති පොල් රොටියක් කාලා, බාගෙට නිවිච්ච ප්ලේන්ටියක් බිව්වම ඇඟට එන "ගතියට" අනුෂ්ක කවදත් ආස කළා.එළියෙ තිබුණ අව්ව කොච්චර සැරද කියලා තේරුණේ A/C කාර් එකෙන් බැස්සට පස්සෙ. අනුෂ්ක පෙට්ටි කඬේට ගොඩවෙලා බුරියානි එකක් ඉල්ලූවා. තුන්හතර පොලකින් ...  Read More
Sunday, 19 May 2013 - 09:25 PM
දිනක් වෛද්‍යවරයෙක් කලබල වී රෝහලට ඇතුළු වුණා. ඔහුව ඉක්මනින් ශල්‍යකර්මයකට කැදවා තිබුණේ, හැකි ඉක්මනින් ඇදුම් මාරු කොට ඔහු ශල්‍යාගාරය වෙත ගියා. ඔහු එතනට යන විට රෝගී වූ දරුවෙකුගේ පියා දොර අසළ සිටියා. ඔහුව දුටු සැණින් පියා "මොනව ද මෙච්චර වෙලා කළේ ? දන්නේ නැද්ද මගේ දරුවාගේ ජීවිතය අනතුරේ කියලා. වගකීමක් දන්නේ නැද්ද ?" කියා කෑ ගසන්න පටන් ගත්තා.  "සමාවෙන්න. මම ඉස්පිරිතාලේ නෙමෙයි හිටියේ. කෝල් එක ලැබුණු ගමන් එන්න පුළුවන් ඉක්මනින්ම තමයි මම ආවේ. සන්සුන් වෙන්න" දොස්තර පැවසුවා. "සන්සුන් වෙන්න....., සන්සුන් වෙන්න...... ...  Read More
Monday, 29 April 2013 - 04:26 PM
දවසක් අවුරුදු 11 ක ගැහැණු ළමයෙක්, සිය මවගෙන් තමාගේ අවුරුදු 15 උපන් දිනයට ලබාදෙන තෑග්ග කුමක්ද කියා විමසා සිටියා. "ඒකට තව කල් තියෙනවනේ...  මව පැවසුවා" වයස 14 දී, මේ දරුවාට හදවත් රෝගයක් වැළඳුනා. ඇය ජීවත් කරවීම අපහසු බව දොස්තරලා මවට පැවසුවා. "අම්මේ මම මැරෙනවා කියලා කිවුවා නේ ද ?" කුඩා දරුවා මවගෙන් විමසුවා. නැහැ.... මව පවසා සිටියා. අම්මා කොහොමද එහෙම කියන්නේ ? මම ඒක දන්නවා.. ඇසෙන් වැටෙන කඳුළු සිරකරගෙන මව පැවසුවා. දියණියට අවුරුදු 15 පිරෙන විට ඇය සුවපත් වී ගෙදර පැමිණියා. නමුත් ඇගේ මව පෙනෙන්න සිටියේ නැහැ. මේසය උඩ මව ...  Read More
Tuesday, 16 April 2013 - 08:08 PM
එක්තරා යුවලක් පැයට කි.මි 100 ක් පමණ වේගයෙන් ධාවනය වන යතුරු පැදියක ගමන් කරමින් සිටියා තරුණිය :- වේගය අඩුකරන්න මට බයයි.. තරුණයා :- යැයි.. මේක හරි විනෝදයි නේ.. තරුණිය :- එහෙම නෑ... වේගය අඩු කරන්නකෝ.... තරුණයා :- එහෙනම් මට ආදරයි කියන්න. තරුණිය :- හරි මං ඔයාට ගොඩාක් ආදරෙයි... වේගය අඩුකරන්න. තරුණයා :- එහෙනම්, මාව එක පාරක් බදා ගන්න. තරුණිය :- තරුණයාව බදා ගත්තා. තරුණයා :- මගේ හෙල්මටි එක ඔයා දාගන්නවද... ඒක කරදරයි මට... පසුදින පුවත්පතේ මෙසේ පළවී තිබුණා. වේගයෙන් පැදවූ යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට ...  Read More
Tuesday, 02 April 2013 - 02:53 PM
එක්තරා ධනවත් තරුණයෙකුට මිතුරන් 1000 ක් සිටියා. තරුණයා සතුදේ මේ යහළුවන් සමග බෙදා හදාගන්න ඔහු පුරුදුව සිටියා. ඒපිළිබඳව ඔහුගේ මව සිටියේ කනස්සල්ලෙන්. දිනක් මෙය නවතා දමන ලෙස ඇය ඔහුගෙන් ඉල්ලීමක් කලා. නමුත් ඔහු කියාසිටියේ ඔවුන් මගේ හොඳම මිතුරන් බැවින් ඔවුන් සතුටෙන් සිටිනු දැකීම ඔහුට සතුටක් බවයි. එවිට, "ඔවුන් ඔබේ හොඳම මිතුරන්දැයි සොයා බලමු" යැයි මව යෝජනා කළා. ඔවුන් පිටි වලින් මිනිස් රුවට සමාන රුවක් නිර්මාණය කොට ඇඳුම් අන්දවා කාමරයක තැබුවා. ඉන්පසු එක එක මිත්‍රයා වෙන වෙනම පැමිණෙන ලෙස ඉල්ලා සිටියා. ඔවුන් ...  Read More
Sunday, 24 March 2013 - 04:01 PM
නියමිත කාලයට සති 12 කට කලින් නිවුන් සොහොයුරන් දෙදෙනෙක් ඉපදුනා. එම නිසා ඔවුන්ව දැඩිසත්කාර ඒකකයේ වෙන් වෙන්ව තැබීමට සිදුවුනා. ඉන් වැඩිමහල් සොයුරියගේ සෞඛ්‍ය තත්වය යහපත් වෙමින් තිබුනත් බාල සොයුරිය හුස්ම ගැනීමට අපහසුවෙන් සිටියේය. ඇය බේරා ගැනීමට නොහැකි බව වෛද්‍යවරයා පැවසුවා. ඔවුන් බලා ගැනීමට භාර වූ සාත්තු සේවිකාව, බාල සොයුරියගේ ජීවිතය රැක ගැනීමට හැකි සෑම දෙයක්ම කලා. නමුත් ප්‍රතිඵලයක් පෙනුනේ නෑ. අවසානයේ ඇය රෝහලේ නීතිවලට පිටින් යමින්, බාල සොයුරියට අවසන් මොහොතේ හෝ යම් උණුසුමක් දැනෙන්නට දැරියන් ...  Read More
Saturday, 09 March 2013 - 06:27 PM
දිනක් කුඩා පුතෙක්, තම මහන්සිවී පැමිණි පියාගෙන් මෙසේ ඇසුවාය. තාත්තේ තාත්තට කීයක් පැයකට ගෙවනවද ? "රුපියල් 200 ක්." ඇයි හැමදාම අහන්නේ ? පියා කේන්තියෙන් ඇසුවා මට රුපියල් 50 ක් දෙනවද ? ඒ මොකට ද ? ඒ සල්ලි අරන් ගිහින් කඩචෝරු කන්නද? නැත්කං මොනවා හරි තේරුමක් නැති සෙල්ලම් බඩුවක් උසස්න් ඇවිත් කාමරේට වෙලා ඒකත් එක්ක නටන්නද ? ඇයි මේ විදියට සල්ලි නාස්ති තරන්නේ ? මම කොචිචර මහන්සි වෙනවද ඔයාලා වෙනුවෙන්... කවද්ද වගකීමෙන් වැඩ කරන්නේ ? පියා කෙන්තියෙන් පැවසුවා. පුතා හෙමීට කාමරේ ගිහින් දොර වහගත්තා. ටික වෙලාවක් ගතවුණා. ...  Read More
Monday, 18 February 2013 - 07:31 PM
වයස අවුරුදු 78 වන පොඩි සිඥ්ඥො අවුරුදු 52 පුරාවට තමන් ඒක්ක ජීවිතය බෙදාගන්න ආපු තම සහකාරියට අත්වූ දුක්ඛිත ඉණම ගැන මෙස් අපට අදහස් දැක්වූවා.අවුරුදු 8 කට කළින් නොහිතපු වෙලාවක හිසට තුවාල වෙලා සිදුවූනු ඒ අවාසනාවන්ත සිදුවීමෙන් ප්‍රේමවතීව ටිකෙන් ටික ඔත්පලෙවලා ලෙඩ ඇඳට වැටුනා. ජීවිත කාලය පුරා හම්බකරගත් සියල්ල ලෙඩේට දියෙවලා ගියා. දරුමල්ලො නැතුව ජීවිතේ ගෙවපු මේදෙන්නගෙ ආදර කතාවෙන් ඔයාලටත් වැටහේවී සැබෑ ආදරයේ අරුත.(මෙය පෙබරවාරි 14 දින හිරු ටීවී ඔස්සේ ප‍්‍රචාරය කරන ලද විශේෂාංගයකි)  Read More
Tuesday, 29 January 2013 - 03:52 PM
හැඟීමක් කියන්නේ,ඉබේ ඇතිවෙන දෙයක්.කෙනෙකුට බලෙන් හැඟීමක් ඇතිකරවන්න අමාරුයි.මේ පුංචි පැටියාගේ සුන්දර සිනහව,එයට හොඳම සාක්ෂියයි :)  Read More
Monday, 21 January 2013 - 03:10 PM
කුරුණෑගල මල්ලවපිටිය ප්‍රදේශයේ සහ කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල්නෝට්ටු ජාවාරෙම් සුලමුල වීඩියෝ දර්ශන සහිතව Part 01 Part 02 Part 03 Part 04 Part 05 Part 06 Part 07  Read More
Thursday, 03 January 2013 - 12:34 PM
සීදූව ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ අවන්හලක් අසල සිවිල් ඇඳුමින් සැරසුනු පිරිසක් තවත් සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලෙයකුට පහරදී රැගෙන යන අයුරු අවන්හෙල් තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබුනේ මෙලෙසයි. පහරකෑ පුද්ගලයා ඒම අවන්හෙල් සේවකෙයකු බවයි පැවෙසන්නේ. පොලු මුගුරු රැගත් පුද්ගලයින් අවන්හල තුලට පැමිණ, ඒහි සැරිසැරූ අයුරුද තවත් ආරක්ෂිත කැමරාවක සටහන්වී තිබෙනවා.  Read More
Wednesday, 19 December 2012 - 06:41 PM
නිරෝශා විමල රත්න නම් තරුණිය කරළියට පැමිණෙන්නේ කොල්ලුපිටියේ පිහිටි සමාජ ශාලාවක නාගයෙකු සමග රංගනයක නිරතවන බවට පොළිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලත් සමගයි. එම පැමිණිල්ලට අනුව පසුගිය අගෝස්තු 28 වනදා කොල්ලුපිටිය පොළිසිය මගින් අදාල තරුණියව අත්අඩංගුවට ගැනෙන්නේ නාගයාද සමඟින්. කොළඹ කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිරෝශාව ඇප මත නිදහස් කෙරුණු අතර නාගයා දෙහිවල සත්ව උද්‍යානයට යොමු කෙරුණා. මේ අතර තුරයි නිරෝශා වෙනුවෙන් මාධ්‍ය මගින් විශාල ඉඩකඩක් වෙන්වූයේ. මාධ්‍ය මගින් ඇය ගැන විමසීමේදී ...  Read More
Saturday, 08 December 2012 - 03:52 PM
ඇමරිකන් හඬ නැමති ගුවන්විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්ථාවුනා. ඒ අඟහරුවාදා දිනක අළුයම 3.00 ට පමණය. ඊට වයඹ දෙසින් මීටර් 500 පමණ දුරකින් පිහිටි ඉස්සන් ඇතිකරන ස්ථානයක සිටි පුද්ගලයෙකු මෙම හඳුනා නොගත් වස්තුව දැක තිබෙනවා.කියවනවට වඩා ඔක්කොම විස්තරේ බලන්න full විඩියෝ එකම බලන්නකෝ..  Read More
Thursday, 22 November 2012 - 06:33 PM
ජීවිතේ එකම එක වතාවක් හරි ඔබේ හිතේ ආදරයක් ඇතිවෙලා ඇති. ඒ ආදරයට සීමා මායිමක් නෑ.. වචන වලට පෙරළන්න බැරිවුණත්, ආදරේට පුළුවන් ඔබව ගොඩාක් දුර, අරන් යන්න. එන්න ඒ ගමනට අපිත් එක්ක යමු..  Read More
Saturday, 17 November 2012 - 03:34 PM
නාගයෙක් පිඹුරෙකු ගොදුරක් කරගත් මෙම අපූරු දසුන, අපට දකින්නට ලැබුනේ පිළියන්දල ප්‍රදේශයෙන්. නයෙක් පිඹුරෙකු, තම ගොදුර කරගන්නා ආකාරය ඔබ දැක තිබේ ද ?එහෙනම් මෙම වීඩියෝවෙන්ම බලන්න  Read More
Tuesday, 06 November 2012 - 06:43 PM
♥ආදරය♥ කියලා කියන්නේ,මේ ලෝකෙ තියෙන උතුම්ම පරිත්‍යාගය.. ඕනිම කෙනෙකුගේ හිතේ කිසිම ලෝබකමක් නැතුව, ඇතිවෙන හැඟීම ♥ආදරයයි♥. "තමන්ගෙ ජීවිතයට තරම්ම, තවත් කෙනෙකුට ආදරේ කරන්න කාටහරි පුලූවන් නම්, ඒකට තමයි අවංක ආදරය කියලා කියන්නේ..." ඔබත් කෙනෙකුට අවංකවම ♥ආදරය♥ කරනවාද? එහෙනම් මේ Video එක බලන්න..  Read More
Tuesday, 30 October 2012 - 12:30 PM
FB නැත්නම් Facebook ,අද තරුණ පරපුර අතර ගොඩක් ජනප‍්‍රියයි. අලූත් යාලූවෝ අඳුනගන්න වගේම ආදරේ කරන අයටත් දැන් FB නැතුවම බෑ. Online Chat කරන්න තියෙන පහසුම ක‍්‍රමය මේකයි. ඒත් මේ Chat කරන එක ගැන බොහෝවෙලාවට අපිට අහන්න, දකින්න ලැබෙන්නේ නරක දේවල් විතරයි නේද? ඇත්තටම ඒ ගැන ඔබට හිතෙන්නෙ මොනවද? මේ Short Film එක ඒකට ඔබට හොඳම උත්තරේ දෙයි. උපුටාගැනීම අන්තර්ජාලය ඇසුරෙන් Read More
Sunday, 14 October 2012 - 10:57 AM
අප මෙලොවට බිහිකළ දෙමාපියන්, සමහර දරුවන්ට බරක් වන නිසා දෝ එම දෙමාපියන් වාසනාව සොයා, "වාසනා" නම්වූ වැඩිහිටි නිවාසසේ සෙවන ලැබීමට සැලැස්වූවද, මේ එහි පිටුපස සැඟවුනු අවාසනාවන්ත කථාවකි. මහළුවිය විවේකීය සුවයෙන් ගතකිරීමට මෙම වැඩිහිටි නිවාසය තෝරාගත් වැඩිහිටියන්ගේ සියළුම දේපල, රන් රත්රන් බඩු සූරාකමින්, ඔවුන්ට බල්ලන්ට මෙන් සලකා බැනවදිම්න් ඉතාමත් කෲර අන්දමින් සලකා තිබෙනවා. මෙම වැඩිහිටියන් ඔවුන් මුහුණදුන් අත්දැකීම් අප සමඟ බෙදාගත් අයුරු මෙම වීඩියේවෙන් ඔයාලත් බලන්න. මෙවැනි පාලකයන්ට දිවයුත්තේ කිනම් ...  Read More
Thursday, 04 October 2012 - 04:12 PM
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 ලොක කුසලාන තරඟාවලියේ අවසන් තරඟ සඳහා පිවිසීමත් සමඟ එම තරඟ නැරඹිමට මෙරට ක්‍රීඩා ලෝලීන් දක්වන්නේ ඉමහත් උද්යෝගයක්. අවසන් පූර්ව හා අවසන් තරඟ සඳහා ප්‍රෙව්ශපත් සියල්ල විකිණී අවසන්. නමුත් වෙහෙස මහන්සි නොවී වැඩි මිලක් ගෙවා පහසුවෙන්ම ටිකටි පත් ලබාගතහැකි ක්‍රමවේදයකුත් ක්‍රියාත්මක වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරන්නන් සිදුකරන මෙම ජාවාරම හරහා ඔවුන් උපයාගන්නා මුදල, අතිවිශාලයි. එමෙන්ම සීමා සහිතව නිකුත් කරන මෙම ප්‍රෙව්ශපත්, ජාවාරම් කරුවන්ට සීමා රහිතව ලැබෙනවා. ...  Read More
Saturday, 29 September 2012 - 12:39 PM
මේ හම්බන්තොට සූරිය වැව මහින්ද රාජපක්ෂ කීඩාංගයට ඉදිවූයේ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සමගාමීවයි. ඒ සඳහා වැයකළ ඇති මුදල, රුපියල් බිලියන 3.5 කට අධිකයි. මේ එම ක්‍රීඩංගනයේ දෙස් විදෙස් මාධ්‍යෙව්දීන් සඳහා වෙන්වූ මාධ්‍ය කුටියයි. වර්ෂාවත් සමග අධික ලෙස වැසි වතුර මාධ්‍ය කුටියට ගලා ඒමෙන් දෙස් විදෙස් මාධ්‍යෙව්දීන්ට මුහුණදීමට සිදුවූයේ දැඩි අර්බුදයකටයි. කියනවට වඩා පහල වීඩියෝවෙන් දැකගන්නකෝ.  Read More
Saturday, 22 September 2012 - 04:41 PM
මේ වීඩියෝ එකේ තියෙන්නේ ගිණිකෙළි තොගයක් සමඟ පුපුරා ගිණිගෙන දැවෙන ලොරියක්.මේක අහම්බෙන් සිද්ධවුන සිදුවීමක්.ගිණිකෙළි ටික විකුණල කීයක් හරි හොයාගන්න යන ගමන්, මේ අනතුරට අනපේක්ෂිත ලෙස මුහුණ දීමට සිදුවුනේ.මේ ලොරිය ගිණිගන්න වෙලාවෙ ඒකෙ ඇතුලෙ දෙන්නෙක් හිටියා.  Read More
Sunday, 16 September 2012 - 12:18 PM
මේක අපූරු ක්‍රිකට් තරඟයක්. අපේ ආදිවාසීන් ක්‍රිකට් ක්‍රීඩා කරනවා ඔබ දැක තිබේද ? දැකල නැතිනම් මේ වීඩියෝවෙන් ඔයාලටත් බලන්න පුළුවන්. මේ තරඟයේ ඳඹාන ආදිවාසීන්ගේ කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඌරුවරිගේ හීන් බණ්ඩියා. කාසියේ වාසිය දිනූ ආදිවාසී කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව සංචාරක ප්‍රවාහකයින්ගේ කණ්ඩායමට ලබාදුන්නා. පන්දු යැවීමෙදී ක්‍රියාත්මක වූ ඌරුවරිගේ මාදු කැකුළා ආරම්භක පිතිකරු සබඳතාවය බිඳ දැමුවා.. කියවනවට වැඩියෙ ඔයාල මේ වීඩියෝවෙන්ම මේ දසුන් නරඹන්නකෝ.  Read More
Monday, 10 September 2012 - 12:17 PM
මේ වීඩියෝවෙ තියෙන්නේ අවිස්සාවේල්ල - කොළඹ බස් රථයක කප්පම් ගන්න අයුරුයි.හොර රහසේ කෙරෙන මේ කටයුත්ත හිරු ටීවී CIA කැමරා කාචයේ සටහන්වූ අයුරු මේ වීඩියෝවෙන් ඔයාලත් බලන්න. දුරගමන් සේවා බස්රථ ආශ්‍රිතව සිදුවන කප්පම් කතාවේ සුලමුල සහ කප්පම් කරුවන් නොයෙක් ස්ථානවල විවිධ අයුරින් පෙනීසිටින අයුරු මේ වීඩියෝ වලින් ඔයාලටත් දැකගන්න පුළුවන්. Video 01 video 02  Read More
Monday, 03 September 2012 - 04:17 PM
බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් බැලීමට දිවයින පුරා පිරිස් දසහ්ගණනක් වැලිකඩට පැමිණෙනවා. මෙලෙස පැමිණෙන පිරිස් තමන්ගේ වාරය එනතුරු පැය ගනන් බලාසිටීම සාමාන්‍ය දෙයක්. නමුත් බන්ධනාගාර නිළධාරීන්ට, අල්ලස් දීමෙන් පොලිම් වල නොසිට බන්ධනාගාරය තුලට ඉක්මනින් ඇතුල්විය හැකියි. මේ වීඩියෝවෙ තියෙන්නේ එසේ පැමිණ පුද්ගලයෙකු නිළධාරීන්ට අල්ලස් ලබාදෙන අයුරුයි. හොර රහසේ කෙරෙන මේ කටයුත්ත හිරු ටීවී CIA කැමරා කාචයේ සටහන්වූ අයුරු මේ වීඩියෝවෙන් ඔයාලත් බලන්න.  Read More
Saturday, 25 August 2012 - 04:57 PM
මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇත් පන්තියට අයත් මෙම ඇතා මේ දිනවල පැවැත්වෙන මහියංගනය පෙරහැරට ගෙනයෑම සඳහා සූදානම් කරමින් සිටියා. දහවල් දියනාමින් සිටියදී ඇතා, ඇත්ගොව්වා ඔසවා විසිකළ බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ. කුපිත වූ ඇතා මෙල්ල කළ අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න..  Read More
Tuesday, 14 August 2012 - 01:05 PM
මේක අපේ ලංකාවේ සේයාරුවක් නොවුනත් මේය අපේ හිකට කියාදුන්නා ගොඩාක් දේ... මේ අහිංක දරුපැටව් දෙන්නා දර්ද්‍රතාවයේ පතුලටම ගිලුන කුටුම්බියක ජීවමාන උදාහරණ. ඒත් සහෝදර ප්‍රේමය ඉතා පොහොසත් සියළු සම්පත් බුක්ති විඳින විල්ලුද පලස් ඇතිරූ මාලිගා වල හිඳිනා මවාගත් සහෝදර ප්‍රේමයෙන් යුතු සොයුරන්ට වඩා ගෙදර ලිප ගිනි මැල පත්තු නොවුනාට තම පුංචි සොහොයුරාගේ බඩගින්න නිවන්න ඔහු කොහෙන් ද ආහාරයක් හොයාගෙන ඇවිදින් තමන්ගෙ බඩ පුරෝගන්න කලින් අහිංසක පුංචි බඩ පුරවන හැටි දැක්කම හදවත පහන් හැඟුමෙන් පිරෙනවා. ඒ අතරේ තවත් බඩවල් ...  Read More
Monday, 16 July 2012 - 06:07 PM
ඔන්න අපි කලින් ඔයාලට පෙන්නුවා සනත්ගෙ Dancing show එක. අද අපි බලමු ඒකේ final එක. ඔයාලත් පහලින් තියෙන video එකේ බලන්නකෝ සනත් නටපු හැටි.. අමතක වුනා කියන්න, සනත් අපිට කිවුවා එයාට සුභපතපු හැමෝටම ගොඩක් ස්තුති කියලා..  Read More
Tuesday, 26 June 2012 - 03:29 PM
සනත් කියන්නෙ ලංකාවෙ විතරක් නෙවෙයි, ලෝකෙම ජනප්‍රිය ක්‍රීඩකයෙක්. අපි මෙච්චර කල් දැක්කෙ ක්‍රිකට් ගහල අපේ රටට අභිමානය ගෙනාපු සනත් විතරයි, දැන් අපි බලමු "නටලත්" අපේ රටට අභිමානය ගෙනෙයිද කියල .. පහල වීඩියෝවෙන් ඔයාල බලන්නකෝ..  Read More
Sunday, 17 June 2012 - 12:41 PM
බැලු බැල්මටම ඔයාලට ගොඩක් බය හිතෙයි නේ ද? ඒත් මේ සම්භාහනයක්.. මේ වීඩියෝව දැක්කම ඔයාලට පුදුම හිතේවි, පොඩි බයකුත් දැනෙයි, කොයි වෙලාවෙ පාගයිද කියල.. නේ ද ? මෙහෙම ඒවා කරන්නේ බලාගෙන. මොකද අලිය කියන්නේ සතෙක්නේ. දන්නවනේ හැටි. පරිස්සමෙන් ආ.. විස්තර කිව්ව ඇති දැන් වීඩියෝව බලලම ඉන්නකෝ. පහල තියෙනව...  කට්ටියට comment එකක් දාන්න අමතක කරන්න එපා හොඳේ..   Read More
Saturday, 16 June 2012 - 04:31 PM
කෙනෙකුට පැවරී ඇති දෙයක් නොපිරිහෙළා ඉටුකිම ඔහුගේ වගකීමයි. ඔයාල අහල ඇති තමන්ගේ රාජකාරිය දේවකාරිය ලෙස සලකනව කියල, කිසියම් කෙනෙකු එසේ කැපවීමෙන් ක්‍රියා කිරීමේදී තමන්ට අහිමිවන දෑ බොහෝය. සමහරවිට තම ජීවිතය පවා අහිමිවනු ඇත. ගිරිහෙල්, බාධක, ජයගෙන ඉදිරිය කරා යෑමට කැපකිරීම අවශ්‍යය. ඔයාලත් මේ ලිපිය කියවල බලන්න. තම නෙත් අගට කඳුළු වැගිරෙන ඉතාමත් සංවේදීජනක සිදුවීමකි. Read More
Monday, 11 June 2012 - 12:37 PM
ගොඩක් අය එක එක විදියෙ ආභරණ පළඳිනවා. ඒ අතරින් ඔබේ අතැඟිලි ලස්සන කරගන්න අපි හැමෝම මුදුදක් පළඳිනව.ගොඩක් අය දන්නෙ නෑ මුද්දක් පැළඳීමේ අරුත.. එහෙනම් අද දැනගන්නකෝ ඔබත් මුද්දක් පැළඳීමට පෙර එහි අරුත.. ඔයාලගෙ අදහස් අපිට ගොඩක් වටිනව.එහෙම අදහස් තියෙනවනම් comment කරන්න අමතක කරන්න එපා හොඳේ   :) Read More
Tuesday, 24 April 2012 - 09:46 AM
2012 අප්‍රේල් මාසය වනවිට අපගේ ගීත දර්ශකයේ මුල් ස්ථාන 10ට තේරුනු ගීත 10 අහන්න ඔයාලත් ආස ඇතිනේ.No 1►පැතු සෙනෙහේ - පූර්ණ සචින්ත & කුෂානි Ft. Thilina R.http://www.hirufm.lk/musicdownloads/audio-59No 2►මා දෑසෙ වේදනා - ශිහාන් මිහිරංගhttp://www.hirufm.lk/musicdownloads/audio-102No 3►පෙනෙන නොපෙනෙන - ආත්මාhttp://www.hirufm.lk/musicdownloads/audio-73No 4►මේ ඇස් දිහා - ශිහාන් මිහිරංගhttp://www.hirufm.lk/musicdownloads/audio-84No 5►ඔබ තරම් - තීක්ෂණ අනුරාධhttp://www.hirufm.lk/musicdownloads/audio-6No 6►දෑසින් පෑ - ලහිරුhttp://www.hirufm.lk/musicdownloads/audio-65No 7►වෙන් වී දැන් - චාමික සිරිමාන්නhttp://www.hirufm.lk/musicdownloads/audio-54No 8►සිත හඬයි - නිරෝෂාhttp://www.hirufm.lk/musicdownloads/audio-77No 9►ඔබ හීනයක් - සංකhttp://www.hirufm.lk/musicdownloads/audio-58No 10►ඇස් ආදරෙන් පුරෝලා ...  Read More
Friday, 30 March 2012 - 11:46 PM
ගෑනු ළමයෙකුට, "ඔයා හරි ලස්සනයි" කියල කිව්වොත් ඇය එය විශ්වාස කරන්නේ පුංචි වේලාවකට පමණි.නමුත් ගැහැණු ළමයෙකුට, "ඔයා හරි කැතයි" කියල කිව්වොත් ඇය ඇගේ ජීවිත කාලයටම එය විශ්වාස කරාවි. ඒ හින්දා ගෑණු ළමයෙකුට කැතයි කියන්න ඉස්සෙල්ලා හොඳට හිතල බලන එක නේද හොඳ........... එකඟනම් මිතුරන් අතරේ Share කරන්න  හිතෙන දේත් කියන්න...... Read More
Friday, 23 March 2012 - 08:40 PM
  ඔබ මීට පසු අඬනකොට මේ කථාව හරිද බලන්න... එතකොට ඔබ සතුකටකට අඬනවනම් සතුට තවත් වැඩිවෙයි... ඔබ දුකකට අඬනවනම් දුක පොඩ්ඩක් හරි තුනී වෙයි...   ඔබ මීට පසු අඬනකොට මේ කථාව හරිද බලන්න... එතකොට ඔබ සතුකටකට අඬනවනම් සතුට තවත් වැඩිවෙයි... ඔබ දුකකට අඬනවනම් දුක පොඩ්ඩක් හරි තුනී වෙයි...       Read More
Saturday, 17 March 2012 - 04:06 PM
  "ලැබුනත් නෙත් යුග දහසක උරුමේ... මදි මට මුළු සංසාර යුගේ...... ඔබව බලා ගන්නට අම්මේ....." මගේ අම්මට තිබුණේ එක ඇහැක් විතරයි.පවුලෙ වියදම් ගැටගහගන්න අමාරු හින්දා අම්මා අපේ ඉස්කෝලෙ ළමයින්ටයි,ගුරුවරුන්ටයි කෑම හදලා විකුණුවා. මං පොඩි කාලෙ එක දවසක් අම්මා ඉස්කෝලෙට ඇවිත් මට කතාකළා.මං ලොකු අපහසුතාවයකට පත් වූණා.ඇයි අම්මා මෙහෙම දෙයක් කළේ? මං අම්මාව ගණන් ගන්නෙ නැතුවම එයාට ඔරවලා බලලා,හයියෙන් දිව්වා... ඊළඟ දවසේ ඉස්කෝලෙ ගියාම පන්තියෙ ළමයෙක් මට හිනාවුණා,  "ඊ..... ඔයාගෙ අම්මට තියෙන්නෙ එක ඇහැයි නේද?" කියලා..... මං ඒ යාලුවාගෙන් ...  Read More
Wednesday, 14 March 2012 - 10:17 PM
  මෙතැන් සිට ඔබ අප වෙබ් අඩවියේ බ්ලොගය හරහා නරඹන්නට යන්නේ හරියටම මිනිත්තුවක සිහිනයක්...... ඒක හරිම සුන්දරයි..... හැබැයි අපි මේ බලන්නේ එක වීඩියෝවක් විතරයි...... ඒක බලලා ඔබ "අයියෝ මේ මොකක්ද...." කියලා සමහරවිට හිතයි. නැත්නම් "අනේ පවු" කියලා හිතයි.... ඒත් ඇත්තටම මේ වීඩියෝ එකේ ඉන්න මහළු පුද්ගලයා කොච්චර ආසාවෙන් ඒ හීනෙ දකිනවාද...... ඔවු එයා තාමත් ඒ හීන ලෝකෙ.....ඇහැරුණාම මොන තරම් දුකක් හිතට එයිද... දැන් මේක කියෙව්වා ඇති, වීඩියෝව බලන්න....කමෙන්ට් එකකුත් දාලා Share කරන්නත් අමතක කරන්න එපා....... වීඩියෝව පහතින් බලන්න..... මෙතැන් සිට ...  Read More
Tuesday, 13 March 2012 - 11:37 AM
  මොකක්ද වඩා වැදගත්...? තමා ආදරය ගැන තමන් සියල්ල දත් අයකු ලෙස හැඳිනවූ මානසික විශේෂඥයෙක් දේශනයකදී මහළු පුද්ගලයෙකුගෙන් මෙසේ විමසීය.. "ආදරය කිරීමද ආදරය ලැබීමද වඩා වැදගත්...?" මහළු පුද්ගලයා මදක් කල්පනා කොට මෙසේ පිළිතුරු දීය... "පියාඹන කුරුල්ලෙකුට තම දකුණු අත්තටුවද වම් අත්තටුවද වඩා වැදගත්...?" මානසික විශේෂඥයා නිරුත්තර විය.... තමා ආදරය ගැන තමන් සියල්ල දත් අයකු ලෙස හැඳිනවූ මානසික විශේෂඥයෙක් දේශනයකදී මහළු පුද්ගලයෙකුගෙන් මෙසේ විමසීය.. "ආදරය කිරීමද ආදරය ලැබීමද වඩා වැදගත්...?" මහළු පුද්ගලයා මදක් කල්පනා කොට ...  Read More
Tuesday, 13 March 2012 - 11:33 AM
  .:: වෙනස ::. මේ වෙනස ඔබ හඳූනාගත්තාද...? එහෙනම් Share කරන්න අමතක කරන්න එපා..!!! මේ වෙනස ඔබ හඳූනාගත්තාද...? එහෙනම් Comment කරන්න අමතක කරන්න එපා..!!!   Read More
Tuesday, 13 March 2012 - 11:26 AM
  .:: ජීවිතය | Life ::. ජීවිතය යනු ලැබුනු හොඳ අවස්ථාවකි, ඉන් වැඩක් ගන්න.... ජීවිතය ලස්සනයි, එයට සලකන්න.... ජීවිතය යනු සිහිනයකි, එය සැබෑ කරගන්න... ජීවිතය යනු අභියෝගයකි, එයට මුහුණ දෙන්න... ජීවිතය යනු රාජකාරියකි, එය ඉටු කරන්න... ජීවිතය යනු ක්‍රීඩාවකි, එය සෙල්ලම් කරන්න... ජීවිතය යනු පොරොන්දුවකි, එය ඉෂ්ඨ කරන්න... ජීවිතය දුකයි, එයනම් පරදවන්න... ජීවිතය යනු ගීතයකි, ගායනා කරන්න... ජීවිතය යනු ඛේදවාචකයකි, එයට මුහුණ දෙන්න... ජීවිතය යනු අවදානමකි, එයට අභියෝග කරන්න... ජීවිතය යනු වාසනාවකි, එය ලබා ගන්න... ජීවිතය යනු මහා අනර්ඝ වස්තුවකි, ...  Read More
Tuesday, 13 March 2012 - 11:22 AM
  සදාකල් ජීවත්වීම ඉලක්කය කර නොගන්න... සදාකල් පවතින යහපත් යමක් කිරීම ඉලක්කය කරගන්න.... සදාකල් ජීවත්වීම ඉලක්කය කර නොගන්න... සදාකල් පවතින යහපත් යමක් කිරීම ඉලක්කය කරගන්න....   Read More
Tuesday, 13 March 2012 - 11:11 AM
ජීවිතේ බාධක කමි කටොළු රැසක් මැද සියළුම බාධක ජයගෙන ඉදිරියට යන්න. ඔබේ ඉදිරිය අතු අග පිපි මල්කිණිත්තක් මෙන් විකසිතවී ජයෙන් ජය හිමිවනු නිසැකය ඔබත් මෙයට එකඟද....එහෙනම් comment එක්ක දාන්නකෝ... :)     Read More
Tuesday, 13 March 2012 - 10:56 AM
  මේ චිත්‍රය රුපියල් ලක්ෂ 5යි මහමග සිඟමනේ යෙදෙන අසරණයෙකුට රු 20ක් ඉතා විශාල මුදලක් සේ දෙන අපි හොටලයකින් කා වේටර්වරයාටත් ඉතා කුඩා සන්තෝසමක් ලෙස රු 20ක් පිරිනමයි.. තම ආගමික සිද්ධස්ථානයට ගොස් පුරා පැය 3ක් පූජාවකට සහභාගී වීම ඉතා අසීරු ලෙස දකින අපි පැය 3ක චිත්‍රපටයක් ඉතා පහසුවෙන් බලා නිම කරයි.. මුළු දවසම අධික වැඩ රාජකාරී නිම කොට කෙතරම් වෙහෙසකර වුවත් හවසට GYM යන එක ප්‍රශ්නයක් නොවන අපට ගෙදර දොරේ වැඩකට අම්මා උදව් ඉල්ලු විට කෙතරම් වෙහෙසක් දැනේද.. මෙවැනි අසරණ ළමුනට ( රූපයේ සිටින ) පාං කෑල්ලක් නොදෙන අපි සමහර ...  Read More
Tuesday, 13 March 2012 - 10:46 AM
  නියම පිරිමියා ආදරය කරන්නේ ලෝකයේ සිටින ලස්සනම කාන්තාවට නොවේ... ඔහු ආදරය කරන්නේ තම ලෝකය ලස්සනම කරනනට හැකි කාන්තාවටයි...ඔබත් මෙයට එකඟද.... නියම පිරිමියා ආදරය කරන්නේ ලෝකයේ සිටින ලස්සනම කාන්තාවට නොවේ... ඔහු ආදරය කරන්නේ තම ලෝකය ලස්සනම කරනනට හැකි කාන්තාවටයි...ඔබත් මෙයට එකඟද....   Read More
Sunday, 11 March 2012 - 10:04 PM
අපි කාටත් තිබහ ඇති වෙනවා.....වතුර ඕනි වෙන්නේ මිනිසුන් වන අපිට පමණක් නොවේ..... ලෝකයේ ජීවත් වන ඕනෑම සතෙකුට බොන්න වතුර ඕනි..... කවුරු හරි බොන්න වතුර ටිකක් ඉල්ලුවහම තමන් ලඟ තියෙන වතුර ටික හරි දෙන එක අපි කාගෙත් පුරුද්දක්. ඒත් එහෙමවත් නොදෙන අයත් ඒ අතරේ ඉන්නවා.පුංචි කාලේ අපේ ආච්චි කියනවා "පුතේ,කවුරුහරි බොන්න වතුර ටිකක් ඉල්ලුවොත් ඉක්මනට දෙන්න....බෑ කියන්න එපා....මොකද, බොන්න වතුර ඉල්ලපු කෙනෙක්ට වතුර ටිකක් දුන්නේ නැත්නම් එන ආත්මෙ උකුස්සෙක් වෙලා ඉපදෙයි...." කියලා.... ආච්චි එහෙම කියනකොට වතුර බොන්න විදියක් නැතිව උකුස්සා ...  Read More
Friday, 09 March 2012 - 08:14 PM
  ලෝකෙ කැරකෙනවා.ජීවිතේ හොයන්න අපි ලෝකෙ වටේ දුවනවා.එහෙම දුවද්දී අපි හුඟාක් දේවල් අතරමග දාලා යනවා..... යුතුකම්.... වගකීම්..... ආදරය.... කරුණාව..... අපිට අමතක වෙනවා... ඒත් ජීවිතේ දිනන්න දුවන ගමන් ජීවිතේ හොයන්න දුවන තවත් කෙනෙක්ට පුංචි හරි උපකාරයක් පුළුවන් විදියට කරන්න අමතක කරන්න එපා...... අපි හොඳ හිතින් අනුනට පංචි හරි උපකාරයක් කළොත් ඒකේ හොඳ ප්‍රතිඵල අපිට ඉක්මනින්ම අත් විඳින්නට හැකියි..... අපි හැමෝම මෙහෙම කළොත් මේ ලෝකෙ හරිම ලස්සන වෙයි නේද....? මේ වීඩියෝව ඒකට හොඳම උදාහරණය නේද.... ලෝකෙ කැරකෙනවා.ජීවිතේ හොයන්න අපි ලෝකෙ ...  Read More
Sunday, 26 February 2012 - 04:46 PM
අපි හැමෝටම පුංචි කාලයක් තියෙනවා. ඒ කාලෙ කරපු, කියපු දේවල් කොච්චර සුන්දර ද නේ ද ? ඔබත් හිතල බලන්න.. මේ ඒවගේ කරපු පොඩි වැඩක්.. මමත් පුංචි කාලේ හයියෙන් දාපු ෆෑන් එකට කථා කරලා මගේ රොබෝ කටහඩ අහුවා.. ”       Read More
Sunday, 26 February 2012 - 04:37 PM
සැණකෙළියක් බලන්න පුංචි පවුලක් ඇවිත් හිටියා. එතන හිටියෙ අම්මයි තාත්තයි දුවයි පුතයි. බැලූ බැල්මට බොහොම අමාරුවෛන් එදා වේල හොයාගෙන ජීවිතය ගැට ගහ ගන්න උත්සාහ කරන පවුලක්. කාලෙකට පස්සෙ තමන්වයි දරු දෙන්නවයි එක්කරගෙන ස්වාමියා ආපු මේ ගමන ගැන බිරිඳ තුළ තිබුණේ ලොකු සතුටක් වගේම කියාගන්න බැරි ආදරයක්. පුංචි දරු දෙන්නටත් මේ ආපු ගමන ගැන අදහගන්න බැරිවෙලා. තමන්ගෙ තාත්තා දිහා බැලූවෙ වීරයෙක් දිහා බලනව වගේ. ඔන්න ඉතිං මේ පුංචි පවුලත් ආසාවෙන් මාරක ළිඳේ වික්‍රමය බලන්න කියලා ඒ පෝලිමට එක්වුණා. පුංචි හිත්වලට නම් එක ...  Read More
Sunday, 26 February 2012 - 04:29 PM
  මේ ෆොටෝ එක බැලුවහම ඔබට ගොඩක් දේවල් හිතෙනවා ඇති....... - "මං කවදද පුතේ උඹට බත් කටක් කවන්නේ....... " කියලා අම්මා හිතනවා ඇති.... - " මං දන්නවා අත් දෙක තිබුනනම් මගේ අම්මා මාව රජෙක් කරනවා......" කියලා පුතා හිතනවා ඇති......... ඔබට මොකද හිතෙන්නේ කියලා දැනගන්නත් කැමතියි..... මේ වගේ සංවේදී දේවල් බෙදා හදා ගන්න HIRU FM පිටුවට ඔබේ මිතුරනුත් එකතු කර ගන්න....... ''ඔබටත් මෙවැනි නිර්මාණශීලී අදහස් ඇත්නම් අප වෙත යොමු කරන්න. ඒවා ඔබගේම නමින් පළ කිරීමට අප සුදානම්.'' E-mail - hirufmworld@gmail.com මේ ෆොටෝ එක බැලුවහම ඔබට ගොඩක් දේවල් හිතෙනවා ඇති....... "මං කවදද පුතේ උඹට ...  Read More
Sunday, 26 February 2012 - 04:22 PM
මං එදා උදේ බස් එකට නැග්ගෙ, අම්මාව බලන්න ඉක්මනට ඉස්පිරිතාලෙට යන්න හිතාගෙන. මගේ අතේ අම්මාට උදේට කන්න ගෙනියන්න ඉඳිආප්ප පාර්සලයකුයි, කිරිහොදි දාපු භාජනේකුයි තිබුණා. පාන්දර 5 ට කොළඹ යන බස් එකේ මට වාඩිවෙන්න සීට් එකක් ලැබුණා. අම්මාගේ කෑම එක ඉහිරෙන්නෙ නැතුව පරිස්සමට ගෙනියන්න සීට් එකක් ලැබුණු එක ලොකු දෙයක්.  කහතුඩුවේ හන්දියේ බස් එක නතර කළා. දරුවෙක් ලැඛෙන්න හිටපු ගෑණු ළමයෙකුයි, එයාගේ මහත්තයායි බස් එකට නැග්ගෙ ඒ වෙලාවේ. මම ඉක්මනට නැගිටලා වාඩිවෙන්න ඉඩ දුන්නා. බඩදරු අම්මා කෙනෙකුට මගේ අතේ තිබුණු කෑම පාර්සලේවත් ...  Read More
Sunday, 26 February 2012 - 04:12 PM
"Knowing is not enough,we must apply....... Willing is not enough we must do." "දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ,අපි එයින් වැඩක් ගත යුතුයි... බලාපොරොත්තු පමණක් ප්‍රමාණවත් නොවේ,අපි ඒ වෙනුවෙන් වැඩ කළ යුතුයි..."   Bruce lee - බෘස් ලී   ඔබත් මේ ගැන හිතන්න.....ඇත්ත නේද.....     Read More
Sunday, 26 February 2012 - 04:06 PM
වඩා වැදගත්ම දේ වනුයේ ඔබ, ඔබේ තරම දැන සිටීමයි...!!!, What matters most is how you see yourself.......!!! Read More
Thursday, 09 February 2012 - 04:29 PM
  ◄ ගෙම්බා සහ ගෝනුස්සා ► එක්තරා කාලයක ගෝනුස්සෙකුට ඇල පාරකින් එගොඩට යන්න ඕන වුනා. ඉතිං ඇල ඉවුරට වෙලා මෙයා කල්පනා කරමින් ඉන්නකොට මෙයා දැක්කා ගෙම්බෙක්. එයා ගෙම්බට කතා කරල මෙහෙම කිව්වා. ''යාලුවේ, ඔයාට පුළුවන් ද මාව ඔයාගේ පිටේ තියාගෙන එගොඩට පීනන්න?'' ''අම්මෝ කොහෙත්ම ඒක නම් කරන්න බෑ. ටික දුරක් යනකොට ඔයා මගේ පිටට දෂ්ට කරාවි.'' ''පිස්සුද යාලුවා, එහෙම කරොත් මමත් ගිලිලා මැරෙනවනේ, ඒ නිසා මම ඒ වගේ මෝඩ වැඩක් කරන්නේ මොකටද?'' ගෙම්බත් ටිකක් කල්පනා කරල හිතුවා ගෝනුස්සා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා කියලා. ''හරි, එහෙමනම් ...  Read More
Thursday, 09 February 2012 - 04:20 PM
  අගුණ කෑම..... දවසක් එක ගමක පොඩි සෞඛ්‍ය සායනයක් තිබුණා. ගමේ ලොකු පුංචි කවුරුත් මේකට ආවේ සෞඛ්‍ය ගැන දැනගන්නම විතරක් නොවෙයි. පොඩි වෙනසකටත් එක්ක. ලොකු ලෙක්චර් එකක් දෙන්න ලෑස්තියෙන් තරුණ පහේ ඩොක්ටර් කෙනෙක් කට ඇරගෙන බලං ඉන්න ගමේ කට්ටිය ඉස්සරහිං හිට ගත්තා.  "හැමෝම මතක තියා ගන්න අපි කෑමෙන් සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනේ. නොගැලපෙන කෑම ජාති අපිව ලෙඩ කරනවා. හොඳයි මේ අය දන්නවනං කියන්න බලන්න කාපු දවසේ ඉදන් මුළු ජීවිත කාලෙම විඳවන්න වෙන්නේ මොන කෑම ජාතිය කෑවමද ?" ඩොක්ටර් එහෙම අහනකොට කට්ටිය සේරම මූණට මූණ බලා ...  Read More
Thursday, 09 February 2012 - 04:12 PM
  කවුරුවත් සපත්තු දාන්නෙ නෑ- සුභ උදෑසනක් ඔබට.....!!! මේ සතිය Fit එකේ පටන් ගන්න මේ පුංචි කථාව උදව් වෙයිද කියලා අපිට කියන්නකෝ.....සමහරවිට ඔබ මීට කලින් මේ කතාව අහල ඇති. මේක පරණ කතාවක් වුණාට, ධනාත්මක සිතුවිල්ලකුයි, ඍණාත්මක සිතුවිල්ලක් අතරෙයි තියෙන වෙනස මේ කතාවෙන් අපිට හොඳටම දැනෙනවා.  අවුරුදු ගාණකට කලින් බි්‍රතාන්‍යයේ සපත්තු හදන ආයතනයක ප්‍රධානියෙක් වෙළඳ ප්‍රවර්ධන නිලධාරීන් දෙදෙනෙක්ව පිටත් කළා අප්‍රිකාවට. ඒ, සපත්තුවලට අප්‍රිකාවේ තියෙන මාකට් එක කොයි වගේද කියල දැනගෙන එන්න. පළවෙනි නිලධාරියා අප්‍රිකාවට ...  Read More
Thursday, 09 February 2012 - 04:04 PM
බලන්න මේ පින්තූරය දිහා.මේ අයට නිදාගන්න හරියට තැනක් නෑ.දුප්පත්කම ඉහවහා ගිහිල්ලා,ඔබට ඒක හොඳින්ම පේනවා ඇති.ඒත්, පුංචි ඉඩක් බලූ පැටියටයි, පූස් පැටියටයි වෙන් කරලා තියෙනවා දැක්ක ද ?වැස්සට වහලෙන් වතුර බිංදු බේරෙනවා.ඒකට කදිම පිළියමක්, යොදලා නේද ?ඒත් ඔබ හොඳින් මේක දැක්ක ද ?මේ නිදා ඉන්න හැමෝගෙම මුහුණුවල අහිංසක ලස්සන හිනාවක් තියෙනවා.කෙනෙක් හිනාවෙලා ඉන්නවා කියන්නේ ඒ කෙනාට ප්‍රශ්න නෑ කියන එක නෙමෙයි.තමන්ට ලැබෙන දෙයින් සතුටු වෙලා තියන ප්‍රශ්න හැකි ප්‍රමාණයෙන් විසඳගෙන ඉන්න අයට හැම තිස්සෙම හිනාවෙල ඉන්න ...  Read More
Wednesday, 08 February 2012 - 09:21 PM
· ගෙදර මහ පොතක් ඇත - කිසි දෙයක් මතක නැත· අපේ Wife ගැන මේ පොතෙත් නෑ වගේ· ජීවන වියදම ලියන්න මේකත් මදිවෙයි· යකෝ අන්තරේ ඉල්ලීම් කෙලවරක් නෑනේ· සැමියට එරෙහි චෝදනා පත්‍රය - "මං අපේ ගෑණිට මෙච්චර වැරදි කරල ද ? "· Z Score සමීකරණේ මේ තරම් සංකීර්ණ ද ?. ඇත්තටම මේ පොත ලිවුවවේ කවුද ?මේක මීට ඉස්සර දැක තිබුන වුනත් ඔබටත් අදහස් දහස් ගණනක් ඇති මේ පිංතූරෙ ගැන....කැමතියි ඒවා ගැන දැනගන්න...... Read More
Thursday, 12 January 2012 - 10:58 PM
එය එක්තරා නගරයක පිහිටි සුපිරි පෙළේ නොවුනත් යම් මට්ටමකට පහසුකම් සපිරි පාසලක ප්‍රාථමික අංශයේ පන්තියක්... ළමයි සියළුම දෙනා ආශාවෙන් ගුරුතුමිය සමඟ පාඩමට සම්බන්ධ වී හිටියා. "ළමයි අපි අද ඉගෙන ගන්නේ මහපාරේ අපිට දකින්නට ලැඛෙන සංඥා එළි ගැන, නැත්නම් කවුරුත් කියන විදියට traffic lights ගැන"දිගටම ගුරුතුමිය traffic lights ගැන ළමයින්ට විස්තර කරගෙන ගියා."ළමයි රතු වැටිලා තියෙනකොට අපි ඉවසගෙන ඉන්න ඕනි කොචිචර පරක්කු වුනත්, තේරුණාද? ඊට පස්සෙ කහ එළිය වැටිලා අපිට සූදානම් වෙන්න කියනවා. ඊටත් පස්සෙ කොළ එළිය වැටුනහම අපිට යන්න පුළුවන්.”මෙහෙම ...  Read More
Thursday, 12 January 2012 - 09:36 PM
ඇමරිකානු ව්‍යාපාරිකයෙක් කුඩා මෙක්සිකානු ධීවර වරායක ඉන්නකොට, ධීවරයෙක් තනියම පොඩි බෝට්ටුවක් පදවගෙන වරායට සේන්දු වෙනව. ඇමරිකානුවා බෝට්ටුවට එබිලා ධීවරයා අල්ලගෙන ආපු කෙලවල්ලෝ කීප දෙනාගෙන් එකෙක් අතට ගත්තා.ෂා !!! මරු මාළු ටික. ඇමරිකානුවා කිව්වා.මුන් ටික දෙනා අල්ලන්න තමුසෙට කොච්චර වෙලාවක් ගියාද ?පොඩි වෙලාවයි මහත්තයා.ඇමරිකානු ව්‍යාපාරිකයා නළලත් රැළි ගන්වාගෙන මෙහෙම අහනවා...ඇයි තමුසේ තව ටික වෙලාවක් මූදේ ඉඳලා, තව වැඩිපුර මාළු ටිකක් අල්ලන් එන්නෙ නැත්තේ ?මගෙ පවුලෙ දවසෙ වියදමට මේ ඇතිනෙ මහත්තයෝ.හ්ම්ම්... ...  Read More
Recent Post
| Home | Hirufm Main Page | Asia Broadcasting Home | About Us | Contact Us |
Copyright  Asia Broadcasting Corporation Private Limited.