

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති අඟහරු ග‍්‍රහයා ස්වකෙෂ්ත‍්‍ර හා මූලති‍්‍රකෝණ බලයෙන් යුක්තව ‘‘රුචක’’ නම් පංචා මහා පුරුෂ යෝග බලයෙන් යුතුව ලග්නස්ථානයේද - රවි උච්ච බල සහිතව එම ලග්න භාවයේම සිකුරු හා කේතු සමගින් ද සඳු උච්ච බල සහිතව 02 වැන්නෙහි ගුරු සමගින් ද - බුධ නීචව 12 වැන්නෙහි ද - ශනී උච්ච බල සහිතව රාහු සමගින් 07 වැන්නෙහි ද ගමන් කරන මොහොතේ ඔබට නව වසර උදා වෙයි. අදින් උදාවන වර්ෂය ඔබේ බොහෝ අපේක්ෂා මුදුන් පත් කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත. 04 වැන්න අධිපති සඳුගේ බලවත් භාවය හේතුවෙන් ඔබට ඉඩම් හා දේපල සම්බන්ධ ලැබීම් පෙන්නුම් කරයි. වාහනයක් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් ඔබ පසුවන්නේ නම් මේ වර්ෂය ඔබේ එම සිහිනය ද සැබෑ කරනු ඇත. රැකියා හා ව්‍යාපාර ක්ෂේත‍්‍රයෙන් ඉහළ ප‍්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකිවන අතර රැකියා අපේක්ෂාවෙන් පසුවන්නන්ට ද තම බලාපොරොත්තු ඉටු කර ගැනීමට භාග්‍ය උදාවේ.
පොදුවේ ගත් කළ ඔබට මේ වර්ෂය යහපත උදා කරනු ඇත. නමුත් ඔබ විවාහකයෙක් නම් පවුල් සංස්ථාව රැක ගැනීමට කැප වීමෙන් කටයුතු කළ අතර අන්‍යෝනය විශ්වාසය පළුදු නොවන ආකාරයට කටයුතු කිරීමට උත්සාහ කළ යුතුයි. නැතහොත් බොහෝ ගැටුම් ඇති වීමට ඉඩ ඇත. විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් සිටින ඔබත් රැවටීම් හා මුලා වීම්වලින් ප‍්‍රවේශම් වන්න. මෙම වසරේ ඔබට සුළු සුළු රෝගාබාධ පෙන්නුම් කළ ද - ඔබේ සෞඛ්‍ය තත්ත්වය බලගතු බාධාවක් පෙන්නුම් නොකරයි.
පොදුවේ ගත් කළ සිකුරු / බුධ/ ශනී/ රාහු මහ දශා - අන්තර් දශා ගත කරන අයට තරමක් අයහපත්ය. රවි/ සඳු/අහරු / ගුරු මහ දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.

මේෂ ලග්නයෙන් උපන් ඔබට ආර්ථික වාසි ගෙන දෙන වසරක් රැකියා ලාභ. රැකියා ලාභ ලැබෙන ගෘහ ජීවිතය අති සාර්ථක වන නිසා ඉතා සුභ අවුරුද්දක්. ඔබේ ලග්නාධිපති බලවත් වීරුචක යෝගයකින් පවතියි. එසේම සඳු බලවත් වී ධනස්ථානයේ යෝග වන නිසා ගජකේශරී යෝගය උදාවෙයි. ඔබේ රැකි රක්ෂා අනිවාර්යෙන්ම ඉටුවෙයි. විදේශ ගත වීමට වුවද සුභ වසරකි. විදෙස් ගත වීම සදහා වසර ආරම්භයේදී දුරකථන ඇමතුමක් හෝ ලැබේවි. විවාහ ප‍්‍රමාද වූවානම් ඒ බලාපොරොත්තු ඉෂ්ඨ වේ. එහෙත් නිදන්ගත රෝග ඇති කිරීමට හැකියි. තෙල් හා සීනි සහිත ආහාර වලින් පරෙස්සම් විය යුතුයි. ඔබට තිබෙන අහිතකර තත්වයන් මග හරවාගැනීමට නම් අදහන කුමන හෝ පුජකයෙකුට බෙහෙත් ඖෂධ පුජා කිරීමට හැකිනම් ඉතාමත් සුභයි.

වෘෂභ ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති සිකුරු - රවි/ අගහරු හා කේතු සමගින් 12 වැන්නෙහි ද උච්ච බල සහිත සඳු/ ගුරු සමගින් ලග්න භාවයේ ද - ශනී / රාහු සමගින් රෝගස්ථානය වන 06 වැන්දේ ගමන් කරන මොහොතේ ඔබට නව වසර උදා වෙයි. බලවත් ග‍්‍රහ පිහිටීමක් සහිතව ඔබට මේ නව වර්ෂය උදා වේ. සාමයට සමගියට කැමති ස්ථිර ගති ලක්ෂණවලින් යුක්ත ඔබට මේ වර්ෂය තුළදී බොහෝ ගරු සැලකිලි හිමිවනු ඇත. සඳු බලවත්ව ලග්න ස්ථානයේ සැරිසරන බැවින් ඔබේ රුව ප‍්‍රසන්න වේ. සතුරන් පරාජය වේ. තම පියාගේ ක්ෂේත‍්‍රයෙන් රැකියාවක් උරුම කර ගැනීමට ඔබට හැකියාව හිමිවනු ඇත. ස්වයං රැකියා හා හවුල් ව්‍යාපාර ආදී කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන්නන්ගේ එම කටයුතු ද බොහෝ දුරට සාර්ථක වනු ඇත.
යුග දිවිය සාමකාමී අන්දමින් පවත්වාගෙන යාමට ද නව වර්ෂයේදී ඔබට අවස්ථාව උදා වනු ඇත. අධ්‍යාපනය හා තරග විභාග කටයුතුවල නිරත වන අය ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ශනි සහ රාහු රෝගස්ථානයේ සැරිසරන බැවින් මෙම වර්ෂයේ ඔබට උදර ආශ‍්‍රිත රෝගාබාධ ඇති අය ඒ පිළිබඳව සැලකිලිමත්වීම යහපත් වේ. පොදුවේ ගත් කළ ශනී හා රාහුගේ මහ දශා - අන්තර් දශා ගත කරන අයට තරමක් අයහපත්ය. ගුරු හා සඳුගේ මහා දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි

වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මේ අවුරුද්ද පවුලේ සතුට, සමගිය වර්ධනය කරගැනීමට හැකි අවුරුද්දක්. ලග්නාධිපති 12 වැන්නේ ගමන් කරන නිසා මුල්යව කලමනාකරිත්වය වසරේ මුල සිටම පවත්වාගෙන යා යුතුයි. එසේ කළහොත් අවුරුද්ද ජයග‍්‍රාහී වසරක් කරගත හැක. විශේෂයෙන්ම අන් අය වෙනුවෙන් ඇපවීම් ආදිය සිදු කිරීමේදී පරෙස්සම් විය යුතුයි. දෙවැන්නාධිපති බුධ බල රහිතව ගමන් කරන නිසා ධනය ලැබීම් වලට යහපත් වුවත් රැදීම් වලටයහපත් නැත. ඒ නිසා ලැබෙන දේ අරපරෙස්සම් කරගත යුතුයි. ඔබට අසනීප තත්වයක් තිබුනා නම් නිරෝගී සුවය ලැබෙයි. ඔබ කරන රැකියාව රස කැවිලි ආශි‍්‍රතව ස්වයං රැකියාවක් නම් මේ අවුරුද්ද අමතක නොවන අවුරුද්දක් වේවි. විශේෂයෙන්ම ඔබට උසස් නිලධාරීන්ගේ උදව් ලැබෙයි. ඉඩකඩම්, ගේ දොර, යානවාහන මිලදී ගැනීම් වලදී රැවටීම් වලට ලක්විය හැකියි. සෙම්රෝග බහුල විය හැකි බැවින් අවේලාවේ ස්නානය, ගංගා වල ස්නානය යහපත් නැත. අහිතකර දේවල්වලින් වැළකී සිටිමට නම් රෝගියකුට ආහාර වේලක් ලබාදීමෙන් ඒ දේවල් මග හරවා ගතහැක.

මිථුන ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති බුධ නීචව 10 වැන්නෙහි ද - කෝටියක් දෝෂ භංග කරවන ග‍්‍රහ යෙදුමක් ගෙන දෙමින් උච්ච බල සහිතව රවී බලවත් අගහරු - සිකුරු හා කේතු සමගින් 11 වැන්නෙහි ද - සඳු / ගුරු සමගින් 12 වැන්නෙහි ද - ශනී/ රාහු සමගින් 05 වැන්නෙහි ද ගමන් කරන මොහොතේ ඔබට නව වසර උදා වෙයි.
මානුෂික ධර්ම පිළිබඳ මනා අවබෝධයකින් හෙබි ඔබ මේ වසරේ කළබල රහිතව ඕනෑම වැඩකට යෙදිය හැකි හිතක් ඇත්තකු බවට පරිවර්ථනය වනු ඇත. තැනට සුදුසු ලෙස නුවණින් කටයුතු කිරීමෙන් බොහෝ ජයග‍්‍රහණ ලබා ගැනීමට මෙම වර්ෂයේහැකිවනු ඇත. ඉඩම් හා දේපල පිළිබඳ අර්බුධකාරි තත්ව පවතින අය නුවණින් ඉවසීමෙන් යුක්තව කටයුතු කිරීම යහපත්ය. ලැබීම් අතින් ඉතා යහපත් කාලයක් උදාවේ. හදිසියේ මුදල් හෝ තෑගි භෝග ලැබීමක් ද පෙන්නුම් කරයි. ගෘහ ජීවිතය සාමකාමී අන්දමින් පවත්වාගෙන යාමට ඔබ බුද්ධිමත් විය යුත වන අතර නව සබඳතා ගොඩනගා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන ඔබ ද නුවණින් කටයුතු කළ යුතුය. අධ්‍යාපනය හා තරග විභාග කටයුයතු වල නිරත වන අය තරමක් සැලකිලිමත් වීම යහපත්ය. මිථුන ලග්න හිමි දෙමාපියන් තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීම වැදගත් වනු ඇත.
සෙම් රෝග වලට බහුලව ලක් වේ. දියවැඩියා වැනි රෝග වලට ද ලක්විය හැකි බැවින් ඉන්ද්‍රීය දමනය ඉතා යහපත් වේ. පොදුවේ ගත් කළ සඳු හා අගහරු මහ දශා- අන්තර් දශා ගත කරන අයට තරමක් අයහපත්ය. රවි/ සිකුරු සහ සෙනෙසුරු මහ දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.

මිථුන ලග්නයේ ඔබට පි‍්‍රය සම්භාෂණ වලට සහභාගී වීමේ අවස්ථාව ලැබෙන අවුරුද්දක්. එසේම ඔබ රැකි රක්ෂා කටයුතු වලදී කල්පනා කාරී වය යුතුයි. අන් අයගේ කටයුතු වලට මැදිහත් වීමෙන් වැලකී සිටින්න අන් අයගේ අඩුපාඩු ඔබ කොතරම් දුටුවත් ඒදේවල් නිවැරදි කිරීමේදී වඩාත් කල්පනාකාරී විය යුතුයි. කෘෂිකර්මය, මැණික් ආශි‍්‍රත කර්මාන්ත වල නිරතවන්නන්ට විශේෂිත ධන ලාභ හිමිවන අවුරුද්දක්. එහෙත් අස්ථි ආශ‍්‍රිත වේදනා තත්වයන් ඇතිවීමට ඉඩ තිබෙන නිසා. සුළු අසනීප තත්වයකදී වුව වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගන්න. ඔබ කෙතරම් කාර්යබහුල වුවත් පවුලේ අයගේ සතුට ගැන සිත නිසා ඔබටද ඔවුන්ගේ ආදරය නොඅඩුව ලැබෙන අවුරුද්දක් විශේෂයෙන්ම ඔබ සිකුරු, බුධ, සෙනසුරු යන දශා ගත කරන කෙනෙක් නම් මේ සුභඵල ඉතාමත් ඉහල මට්ටමෙන් ලැබෙන අවුරුද්දක් ලෙස සදහන් කල හැකියි. එහෙත් රවි, සඳු, අඟහරු යන දශා ගත කරන කෙනෙක් නම් ඉතා කල්පනාකාරීව වැඩ කල යුතුයි. එවිට සියලූ අහිතකර තත්වයන් මග හරවා ගත හැකියි. ඔබට කල හැකි පහසුම දේ වන්නේ මේ වසරේ එළබෙන්නා වූ අමාවක පොහොය දවස්වල පන්සලකට ගොස් පහන් ආලෝකයක් දැල්විමයි. එය ඔබට බොහෝ සුභ වේවි .

කටක ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සඳු උච්ච බල සහිතව ගුරු සමග සංයෝගව සියළු ලැබීම් පෙන්වන 11 වැන්නෙහි ද උච්ච රවි බලවත් අගහරු සමගින් සිකුරු හා කේතු සමගින් 10 වැන්නෙහි ද - නීච බුධ 09 වැන්නෙහි ද ශනි/ රාහු සමගින් 04 වැන්නෙහි ද ගමන් කරන මොහොතේ ඔබට නව වසර උදා වෙයි. එනේම සෙනෙසුරු 04 වැන්නේ සස නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ද - කුජ හෙවත් අගහරු ග‍්‍රහයා තම රැකියා ස්ථානය වන 10 වැනේනේ රුචක නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ගත කරයි. ලග්නාධිපති උච්ච බල සහිතව සියළු ලැබීම් පෙන්වන 11 වැන්නේ සැරිසරන බැවින් ඔබට මෙම වර්ෂය ලැබීම් අතින් ඉතා යහපත්ය. කුජ රුචක නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ගත කිරීම අනුව රැකියා හා ව්‍යාපාර ක්ෂේත‍්‍රවල නිරත වන අයට තමා සිටින තත්ත්වයෙන් ඉතා උසස් තත්ත්වයකට පත්වීමට මෙම වර්ෂයේගී භාග්‍ය උදාවනු ඇත. රැකියා අපේක්ෂාවෙන් පසුවනන්නන්ගේ අපේක්ෂා මුදුන් පත් කර ගැනීමට ද මේ වර්ෂය උපකාරි වේ. ඉඩම් හා දේපල ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කළත් නෑදෑ හිතමිත‍්‍රාදීන්ගෙන් සුළු සුළු ආරවුල් මතු වීමට අවකාශය ඇතිවිය හැකි බැවින් නුවණින් කටයුතු කිරීම යහපත්ය. පදිංචිය වෙනස් කිරීමට හෝ පිට පලාතකට යාමට ද අවකාශ ලැබේ. කෙසේ වුව ද නව ඉඩම් මිලදී ගැනීමටත් නව නිවාස ඉදිකර ගැනීමටත් බලාපොරාත්තුවෙන් සිටින අයට මේ වසර ශුභ දායකයි. අධ්‍යාපන හා තරග විභාග ආදී කටයුතු වල නිරත වන්නන්ට ද මෙම වර්ෂය යහපත උදා කරනු ඇත.
බොහෝ දුරට බලවත් අසනීපයකින් තොරව මෙම වර්ෂ්‍ය ගත කිරීමට අවකාශ ලැබෙන අතර එහෙත් සුළු සුළු රෝගාබාධ වලට ලක්වීමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කිරීමෙන් මෙම වර්ස්‍ය තුලදී බොහෝ යහපත උදා වන බව කිව හැකිය.
පොදුවේ ගත් කළ ශනි/ බුධ මහ දශා - අන්තර් දශා ගත කරන අයට තරමක් අයහපත්ය. රවී/ අගහරු සහ සිකුරු මහාදශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.

කටක ලග්නයට මුලින්ම පොඩි අසුබ දෙයකින් පටන්ගන්න එක හොඳයි.පස්සේ සුබ දේවල් ගැන ඔබට දැනගන්න පුලූවන්. කටක ලග්න හැමෝම හදිස්සි නොවී පරෙය තිඵල නෙලා ගතයුතු අවුරුද්දක් තමයි 2013 කියන්නේ.ඒ තරමටම වගකීම් සහිතව වැඩකරන්න ඕනි.මොකද 2013 මැදක් වෙනකම්ම වාසනාවෙ කොටුවේ ඒ කියන්නේ භාග්ය්ස්ථානයේ ගුරු යන්නේ සතුරු වෙලා. නමුත් ඔබ ඉපදිලා ඉන්නේ කේතුගේ හෝ,රාහුගේ හෝ,සෙනසුරුගේ දශාවකින් නම් ඒ කියන්නේ දැන් ඔබ ගතකරමින් සිටින්නේ රාහු,කේතු,සෙනසුරු දශාවක් නම් ඔන්න ඔබට රැකියාවේ උසස්වීම්,ධන ධාන්ය. ලබාගැනීම්,අමතර උපයා සපයාගැනීම් වලට හොඳම අවුරුද්දක් උදාවෙලා.ඒ තමයි,2013.
ඒ එක්කම චන්ද්රට,සිකුරු යන දෙදෙනාගේ මහදශා හෝ,අතුරු දශා හෝ එවැන් සම්බන්ධයක් තියෙන කටක ලග්න අයට දියුණුවෙන්න පුලූවන්.උසස්වීම් එකතුකරගන්න පුලූවන්.යානවාහන එකතුකරගන්න පුලූවන්.දේපළ එකතුකරගන්න පුලූවන් 2013 දී. ඒ වගේම කුජගේ සහ රවි,බුධගේ මහ දශා හෝ අතුරු දශා ගතකරනවානම්,ඒ කටක ලග්න අයට විදේශ සම්බන්ධ කටයුතුවලට ඉතාම සුබ අවුරුද්දයි,2013. විශේෂයෙන්ම සෞඛ්යට පැත්ත සාමාන්යාය යි.පවුල් ජීවිතයේ සතුට සාමාන්ය ය යි. කටක ලග්න අයට කොහොමත් ජය අංකය දිනෙන් දිනට වෙනස් කරගන්න ඕනි.නමුත් තද කොළ පාට,ලා කොළ පාට,කොළ පාට මිශර දි කහපාට කටක ලග්න අයට මේ අවුරුද්දෙදි වාසනාව දෙනවා. ඒ එක්කම අංක 03 ත්,අංක 01 ත් කටක ලග්නයට සුබයි.

සිංහ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති රවී උච්ච බල සහිතව පෙර පින් බලය ගැන කියවෙන කේන්ද්‍රයේ 09 වැන්නෙහි අඟහරු / සිකුරු හා කේතු සමඟින්ද - නීච බුධ 08 වැන්නෙහිද උච්ච බල සහිත සඳු ගුරු සමඟින් 10 වැන්නෙහිද ශනි - රාහු හා එක්ව 03 වැන්නෙහිද ගමන් කරන මොහොතේ ඔබට නව වසර උදා වෙයි.
රැකියා හෝ ව්‍යාපාර කෙෂත‍්‍රයේ ඉහළ ප‍්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකි වේ. විදේශ රැකියාවක් හෝ විදේශචාරිකාවකට සම්බන්ධවීමටද මෙම වර්ෂයේ හැකිවනු ඇත. ඉඩම් හා දේපළ සම්බන්ධව පැවති ආරවුලක් තමාට වාසි වන ආකාරයට නිරාකරණය කර ගැනීමටද අවස්ථාව උදාවනු ඇත. තරග විභාග හා උසස් අධ්‍යාපන කටයුතුවලින් උසස් ජයග‍්‍රහණ හිමිකර ගැනීමට හැකිවනු ඇත.
ගෘහ ජීවිතය සාමාන්‍ය අන්දමින් පවත්වාගෙන යාමටත් - පවුලේ අය සමඟ එක්ව සතුටින් කල්ගත කිරීමට හැකිවනු ඇත. නව සබඳතා ගොඩ නගා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන අයටද උසස් අයගේ ඇසුර හිමිවනු ඇත. බලවත් අසනීපවලින් තොරව බොහෝ දුරට කල් පසු වන්නට හැකි වුවත් සුළු සුළු මාර්ග අනතුරු හා අපරීක්ෂා අන්දමින් කටයුතු කිරීමෙන් විවිධ උපද්‍රවවලට ලක්විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු වේ.
පොදුවේ ගත් කළ ශනි / බුධ හා රාහු මහ දශා - අන්තර් දශා ගත කරන අයට තරමක් අයහපත්ය. රවි / සඳු / අඟහරු සහ සිකුරු මහ දශා - අන්තර් දශා ගත කරන අයට ශුහයි.

සිංහ ලග්නයේ ඔබට පෙර පිං ඵල දෙන වසරක්. ධර්ම කර්මධිපති රාජ යෝගයක් මේ අවුරුද්ද ආරම්භයේ සිටම ඔබට තිබෙන නිසා සුභ ඵල ඇති කරයි. එහෙත් ඔබේ හැකියාවන් ගෙන් හා දක්ෂතාවන්ගෙන් අන් අය ප‍්‍රයෝජන ගත හැක. ඒ නිසා අවුරුද්ද ආරම්භයේ සිටම ඔබේ ආත්මශක්තිය පෙරදැරි කර ගත යුතුයි. එසේම ඔබට විශේෂිත ධන ලාභ ලැබෙන වසරක්. එහෙත් දුරදිගනොබලා ගන්නා තීරණ වලින් පාඩු සිදුවිය හැකියි. ඔබට ඔබ නොසිතු අයුරින් උසස් අයගේ ආදරය, කරුණාව හා උදව් උපකාර නිසැකවම ලැබෙන වසරකි. ඔබ දේශපාලන ක්ෂේත්රඅයට සම්බන්ද කෙනෙක්නම් ජයග‍්‍රාහී වසරක් බවට පත් කර ගැනීමේ හැකියාව ඒකාන්තයි. රවී, බ‍්‍රහස්පති, අඟහරු යන දශා ගත කරනවා නම් ඉතාම සුබ අවුරුද්දකි. සෙනසුරු, සිකුරු, රාහු යන දශා ගතකරනවා නම් බුද්ධිමත්ව කටයුතු කල යුතුයි. සෑම සිකුරාදා දවසකම උදෑසන 7ට පෙර තමාගේ නිවසේ ඊසාන දිශාවේ කුරුල්ලන්ට කඩල ස්වල්පයක් දීම ඉතා වැදගත් වේ .

කන්යා ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති බුධ නීචව 07 වැන්නෙහිද රවී / අඟහරු / සිකුරු සහ කේතුසමඟින් 08 වැන්නෙහිද උච්ච සඳු - ගුරු සමඟින් පෙර පින් බලය ගැන කියවෙන 09 වැන්නෙහිද - ශනි / රාහු සමඟින් 02 වැන්නෙහිද - ගමන් කරන මොහොතේ ඔබට නව වසර උදාවෙයි.
කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති නීචව ගමන් කරමින් පවතින මොහොතක සහ ලග්න ඒරාෂ්ඨකයද ගෙවෙමින් පවතින මොහොතකයි ඔබට මෙම නව වසර උදා වනුයේ. එම නිසා ඔබ බොහෝම කල්පනාකාරීව කටයුතු කිරීම යහපත් වනු ඇත. රැකියා හා ආදායම් තත්ත්වය යහපත් වන අතර විදේශ රැකියා, විදේශ ගමන් ආදියට සම්බන්ධ වී තම ධන තත්ත්වය වර්ධනය කර ගැනීමටත් නාවික හා වරාය කේෂත‍්‍රය තුළ රැකියා අපේක්ෂාවෙන් පසුවන්නන්ටත් තම අපේක්ෂා මුදුන් පත් කර ගැනීමට හැකිවනු ඇත. රහසේ ඔබට විරුද්ධව බොහෝ කුමන්ත‍්‍රණ දියත් වූවත්, ඒවා පරාජය කිරීමේ හැකියාව ඔබට හිමි වන්නේ ඔබේ ලග්නාධිපති බුධ ග‍්‍රහයා නීච වූවද - නීච භංග රාජ යෝග බලයෙන් ගත කරන බැවිනි. අධ්‍යාපන හා තරඟ විභාග කටයුතුවලින්ද විදේශ අධ්‍යාපන කටයුතුවලින්ද බොහෝ ජයග‍්‍රහණ හිමිකර ගත හැක. ගෘහ ජීවිතයේ ප‍්‍රසන්න භාවය ගිලීහි යාමටත් - ඔවුනොවුන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය පළුදු වී යාමටත් අවකාශය ඇති බැවින් කන්‍යා ලග්න හිමි ඔබ වඩාත් ඉවසිලිමත්ව කටයුතු කිරීම යහපත්ය. බලවත් රෝගාබාධවලින් තොරව බොහෝ විට කල්පසු වීමට හැකි වූවත් සුළු සුළු අනතුරුවලට ලක්විය හැකි බැවින් සිහි නුවණින් යුතුව කටයුතු කරන්න. පොදුවේ ගත්කළ ශනි / බුධ හා රාහු මහ දශා - අන්තර් දශා ගත කරන අයට තරමක් අයහපත්ය.
රවි / සඳු / අඟහරු සහ සිකුරු මහ දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.

කන්යා ලග්නයට 2013 බාධක මැද්දේ ජයගර ුකහණය ලැබෙන වකවානුවක්. කන්යාා ලග්න ඔබ ගතකරමින් සිටින්නේ ගුරුගේ මහදශාවක් හෝ ගුරුගේ අතුරු දශාවක් නම්,මේ දවස්වල ගුරු සතුරුයි.හැබැයි ගමන්කරන්නේ 09 වැන්නේ.ඉතිං නායකත්වයට,පාලනයට,බලයට බාධා ඒවි.නමුත් ඒ හැම බාධකයක්ම ඔබේ එක් අතුල් පහරකින් විසිවෙලා යාවි.ඒක නිසා,නවගුණ වැල ගනිමින් පාලනය කරන්න යන්න එපා. කඩුව ගන්න අවශ්යහ තැන කඩුව අතට ගන්න ලෑස්තිවෙන්න. ඒ වගේම කන්යාශ ලග්න ඔබ චන්ද්රටයාගේ හෝ කුජගේ දශා ගතකරනවානම්,ඒ වගේම කේතුගේ මහදශාවක් හෝ අතුරු දශාවක් ගතකරනවානම් ධනය,රැකියාව,දේපළ,වත්කම් වැඩිදියුණු කරගන්න පුලූවන්.ඒ එක්කම රවිගේ හෝ බුධගේ මහ දශා හෝ අතුරු දශා ගතකරන කන්යාව ලග්න හිමියන්ට විදෙස්ගත වෙන්නත්,තමන්ගෙ රටේ අලූත් දේපළ එකතු කරගන්නත් හොඳ හැකියාවක් ලැබෙනවා.
ඒ එක්කම කන්යාත ලග්න ඔබ ගතකරන්නේ සිකුරුගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් නම් ඔන්න සෞභාග්ය මත් පවුල් ජීවිතයකට හොඳ වෙලාවක් ආරම්භ වෙනවා. මේ ඔක්කෝමත් එක්ක අවුරුද්දෙන් අවුරුද්ද අපි අලූත් වෙනකොට දවස් 365 ක් තියෙනවානේ.ඒ නිසා දවසින් දවසට වර්ණය වෙනස් වෙන්න ඕනි.ජය අංකයත් වෙනස්වෙන්න ඕනි.ඒ නිසා පොදු වශයෙන් කිව්වොත් 2013 ට හොඳ වෙන්නේ දුඹුරු වර්ණයටත්,කළුවර්ණයටත්,සුදු වර්ණයත් සංයෝග වුණු ඇඳුම් පැළඳුම්. නමුත් අංක 09 ත්,අංක 07 ත් හැමදාම වාසනාව ගෙනදේවි.

තුලා ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සිකුරු බල සහිත - රවි / අගහරුවාදා හා කේතු සමගින් 07 වැන්නෙහි ද - බුධ රෝගස්තානය වන 06 වැන්නෙහි ද, දුබලවද සඳු/ ගුරු හා එක්ව 08 වැන්නෙහි ද - ශනි / රාහු සමගින් ලග්න භාවයේ ද ගමන් කරන මොහොතේ ඔබට නව වසර උදා වෙයි.
උච්ඡ බල සහිත ශනි - තුලා ලග්න හිමි ඔබට ලග්න ඒරාෂ්ඨක තත්ත්වයක් උදා කර දෙමින් ගමන් කරන මොහොතක ඔබට මේ වර්ෂය උදා වේ. එම නිසා තුලා ලග්න හිමි ඔබ විශේෂයෙන්ම ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. රැකියා කටයුතු සාමාන්‍ය අන්දමින් පවත්වාගෙන යා හැකි අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර - ස්වයං රැකියා - හවුල් ව්‍යාපාර ආදී කටයුතු වල නිරත වන අයගේ අතමිට බොහෝ සෙයින් සරුවන බව මෙම ග‍්‍රහ බලයන් පසක් කරවයි.
ප‍්‍රාථමික අධ්‍යාපන කටයුතුවල නිරත වන දරුවන්ට උසස් ප‍්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකි වුව ද උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන දරුවන් තම අධ්‍යාපන කටයුතු ගැන වැඩි සැලකිල්ක් යොමු කිරීම යහපත්ය.
ගෘහ ජීවිතය බොහෝ සෙයින් සැපවත් වන අතර අදහස් හුවමාරු කර ගැනීමේදී අනෙකාගේ ස්වභාවය පිළිබඳ තේරුම් ගෙන කටයුතු කිරීම යහපත්ය. ශිර්ෂ රෝගවලට හේතුවන අතර මානසික ඒකාග‍්‍රතාවය රැක ගැනීමට නොහැකිව අසහනකාරිව කල් ගෙවීමට සිදුවන බවක් ද පෙන්නුම් කරන අතර ජලය සම්බන්ධව විවිධ උපද්‍රව වලට මුහුණපෑමට හැකි බැවින් ජලාශවල දිය නෑමේදී විශේෂයෙන්ම සැලකිලිමත් වන්න.
පොදුවේ ගත් කළ ගුරු/ සඳු හා රාහු මහ දශා - අන්තර් දශා ගත කරන අයට තරමක් අයහපත්ය. රවි/ අගහරු / සිකුරු සහ ශනි මහා දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.

තුලා ලග්නයෙන් උපන් ඔබට ලැබුවා වූ අලූත් අවුරුද්ද කොහොමද ? විශේෂයෙන් තුලා ලග්න හිමි සැමට නව ආදායම් මාර්ග මතුවෙන වර්ෂයක් සෙනසුරුගේ බලපෑම කෙතරම් තිබුනත් මේ වසර තුලා ලග්න හිමියන්ට අමතක නොවන අවුරුද්දක් බවට පත්වෙයි. ඊට හේතුව ලග්න ගතව සෙනසුරු බලවත් වෙලා, රාහු සමග එකතු වී ගමන් කරනවා. පිරිවර ශක්තින් ලබන්න ඉතාමත් යහපත් ව්‍යාපාරිකයෙක් නම් ඔබගේ සේවක පිරිසෙන් ලොකු ලාභ ලබාගත හැකියි. හැබැයි හවුල් ව්‍යාපාර ආදියේදී තරමක් ප‍්‍රවේශම් විය යුතුයි. එසේම රැකියාවක් කරනවා නම් එහි උසස්වීම් බලාපොරොත්තු වී සිටිනවානම් ඒ සියල්ල සාර්ථක වෙනවා. ධනය ගැන සිතන විට දෙවැන්නාධිපති අඟහරු හත් වැන්නේ ඉතාමත් බලවත් පංචමහා පුරුෂයෝගයක් වන රුචික යෝගයෙන් පැවතීම නිසා නිසැකයෙන්ම මුදල් ලැබෙන කාලයක් බවට පත් වෙනවා. කරන වෘත්තිය අනුව තවත් ව්‍යාපාර අඩිය කරනවානම් ඒ කටයුතු වලින් මේ වර්ෂය සාර්ථක වේවි. විවාහ ආදී කටයුතුවලදී ඉතාමත් යහපත් මෙන්ම තමාගේ සහකරුගෙන් හෝ සහකාරියගෙන් තමාට ධන යෝග ලැබෙන කාලයක්බවට පත් වෙනවා. ඒ නිසාවෙන්ම ගෘහ ජීවිතය ඉතාමත් සතුටු සිතින් ගත කල හැකියි. ඒරාෂ්ඨකකාලයක් ගත කරන නිසා වැටීම්, තැලීම්, කැලලි සහිත තුවාල සිදුවීමට ඉඩ ඇති නිසා මේ ගැන ඉතා හොදින් සැලකිලිමත් යුතුයි. මේ පිලිබදව සිතා උදා වූ වසර ධනාත්මකව ආරම්භා කළහොත් ඔබට යහපත් වසරක් බවට පත් කර ගත හැකියි. මේ වසර තුල පවතින්නා වූ අහිතකර තත්වයන්ගෙන් මිදීම උදෙසා සෑම අමාවක පොහොය දිනකම ඔබගේ පවුලේ අයගේ වයස් වලට සරිලනආකාරයට පහසුකම් අඩු විහාරස්ථානයකට ගොස් පහන් දැල්විය හැකිනම් එය ඉතා යහපත් වේ .

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති කුජ රවි/ සිකුරු හා කේතු සමගින් රෝගස්ථානය වන 06 වැන්නෙහි ද - උච්ඡ සඳු/ ගුරු සමගින් යෝගව 07 වැන්නෙහි ද බුධ නීචව 05 වැන්නෙහි ද ශනි/ රාහු සමග එක්ව 12 වැන්නෙහි ද, ගමන් කරන මොහොතේ ඔබට නව වසර උදා වෙයි.
වෘෂ්චික ලග්න හිමි ඔබේ ලග්නාධිපති බල සහිතව වුවත් සතුරු ස්ථානයේ ගෝචර වෙමින් පවතින මොහොතක - ලග්න ඒරාෂ්ඨකය ද ආරම්භ වී පවතින අවස්ථාවකයි ඔබට මෙම වර්ෂය උදා වන්නේ. එම නිසා නඩු හබ වල පැටලවීමට ද පවතින නඩු තීන්දු වලින් පරාජය ලැබීම හෝ තීන්දු කල්පසු වීම හේතුවෙන් කනස්සල්ලෙන් පසු වීමට ද සිදුවිය හැකි බැවින් සියල්ල ඉවසා දරා ගෙන කටයුතු කිරීමට උත්සුක වන්න.
රැකියා/ හවුල් ව්‍යාපාර හා ස්වයං රැකියා ක්ෂේත‍්‍රයේ නියුතු අයට තම ආදායම් තත්ත්වය උසස් ලෙස වර්ධනය වන බවක් පෙන්නුම් කරයි. වියදම් පාර්ශවය මදක් වැඩිවිය හැකි බැවින් මුදල් කළමනාකරණය ගැන වඩාත් සැලකිලිමත් වන්න. ගෘහ ජීවිතය ඉතා අවාසනාවන්තව පවත්වාගෙන යාමට හැකි වන අතර නව සබඳතා අපේක්ෂාවෙන් පසුවන අයට වාසනාවන්ත උසස් අයගේ ඇසුර ලැබේ. වෘෂ්චික ලග්න හිමි දෙමාපියන් ප‍්‍රාථමික අධ්‍යාපන ලබන තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ නිසි අවධානයකින් පසුවීම යහපත්ය.
අසනීප තත්ත්ව වලින් පසුවන වෘෂ්චික ලග්න හිමි ඔබ වෛද්‍ය උපදෙස් අනුවම නිරන්තරයෙන්ම කටයුතු කළ යුතු බව අවධාරණය කර ගත යුතුය. පොදුවේ ගත් කළ ගුරු/සඳු හා රාහු මහ දශා - අන්තර් දශා කරන අයට තරමක් අයහපත්ය. රවි/ අගහරු / සිකුරු සහ ශනි මහා දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.

වෘශ්චික ලග්න හිමියන්ට මිශ‍්‍ර ඵලගෙනදෙන වසරක්වේ. එත් ඔබ උත්සහ කලොත් මේ වසර වෙන වසර වල්වලට වඩාසාර්ථක වේ. රැකියාව පිළිබද කතාකරන විට දහවැන්නධිපති බලවත්ව ලග්නාධිපති සමග සංයෝගිවිම ඉතාමත් සුභයි. හත්වැන්නේ අගහරු බලවත්වෙලා පංචමහාපුරුශයෝගයක් වන වෘචකයෝගයක්යෙදී පවතිනවා. මේ තුලින් ඔබට රැකියාව ව්‍යාපාරික අංශවලට ඉතාමත් යහපත්තත්වයක් තමයි ඇතිකරන්නේ. සේවක සේවිකාවන්ගේ ප‍්‍රශ්න ඇතිවෙන්න පුළුවන් බුද්ධිමත්ව වසර ආරම්භ කළහොත් මේ වසර ඔබට ජයග‍්‍රාහී වසරක් කරගත හැකියි. ධනය ලැබෙන ධනස්තනාධිපති, එසේත් නැත්නම් දෙවැන්නධිපති බ‍්‍රහස්පති බලවත්වෙලා චන්ද්රියත් එක්කම ඉන්නවා ගජකෙෂ්වරීයෝගෙකින් සමහරවිට ඔබට මෙතුවක්කල් යම්කිසි ප‍්‍රමාදවීම් තිබුනත් යම්කිසි ප‍්‍රමාද මුදලක් තිබුනා නම් මේවසරේදී ඒ දේවල් ලබාගතහැකියි. ඔබගේ වැටුප්වල යම් හිඟයක් තිබුනා නම් එකත් මේවසරේදී අනිවාර්යෙන් ඔබට ලැබෙනවා. ගෙයක්දොරක් හැදීමට සැලසුම් කලානම් මේවසර ඔබට ඉතාමත් සුභවසරක් වේවි. විශේෂයෙන්ම තමන්ගේ තීන්දු තීරණ නිවැරදියි කියල නිතරම කටයුතු කිරීමෙන් වලකින්න ඕනි. ඒකට හේතුව තමයි ඔබ එහෙම කලොත් එය ඔබේ පවුලේ සමගිය, සහජීවනයට එය අහිතකර බලපෑමක් ඇතිකරන්න පුළුවන්. සෞඛ්‍ය පිළිබඳව කතාකිරීමේදී විශේෂයෙන් තෙල් සහ සීනි සහිත ආහාර පාලනයකින් යුක්තව ගැනිමතමයි වැදගත්වෙන්නේ. හේතුව නිධන්ගත රෝග ඇතිවීමට ඇති ඉඩ වැඩි නිසා. එම තත්වයන් මගහරවාගැනීමට රෝගීව සිටින භික්ෂුවකට බෙහෙත් ඖෂධ ආදියලබාදීමකල යුතුයි. ඒවගේම මේ අවස්ථාව තුල සෙනසුරුගේ ඒරාෂ්ඨකතත්වයක් පවතින නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. විශේෂයෙන් රථවාහනවල ගමන්කිරීමේදී සැලකිලිමත් වන්න

ධනු ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති ගුරු බලවත් සඳු සමග රෝගස්ථානය වන 06 වැන්නෙහි ද - රවි/ අගහරු / සිකුරු හා කේතු එක්ව පුත‍්‍රස්ථානය වන 05 වැන්නේ ද බුධ නීචච 04 වැන්නෙහි ද ශනි/ රාහු/ සමග එක්වසියළු ලැබීම් පෙන්වන 11 වැන්නෙහි ද ගමන් කරන මොහොතේ ඔබට නව වසර උදා වෙයි.
යුක්තිය ගරුකභාවය සත්‍යවාදීභාවය, ධාර්මිෂ්ඨභාවය යන උතුරුම් ගුණයන්ගෙන් යුත් ධනු ලග්න හිමි ඔබට නව වර්ෂය උදා වන්නේ බලවත් ශුභ ඵල දෙන ග‍්‍රහයෝග උදාව පවතින මොහොතකයි. සියළු ලැබීම් පෙන්වන කේන්ද්‍රයේ 11 වැන්නේ උච්ච බල සහිතව ශනි ගෝචර වන බැවින් ඔබේ ආදායම් තත්ත්වය සැලකිය යුතු ලෙස වර්ධනය වේ. ව්‍යාපාර කටයුතු වල නිරත වන අය තම ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
එසේම ඔබේ සියළු ලැබීම් පෙන්වන 11 වැන්නේ උච්ච බලැති සෙනසුරු සමග රාහු ග‍්‍රහයා ද වර්ෂය පුරාම ගත කරන බැවින් හදිසියේ මුදල් ලැබීම් - තෑගි භෝග ලැබීම් පෙන්නුම් කරන අතර හිත මිතුරන්ගෙන් උදව් ද හිමි වන බවක් පෙන්නුම් කරයි. දේපල හා ඉඩ කඩම් සම්බන්ධව පවුලේ ඥාතීන් අතර සුළු අර්බුධකාරි තත්ත්වයන් ද මතුවිය හැකි අතර යුග දිවියේ ප‍්‍රසන්න භාවය ද ගිලිහී යාමට ලක්විය හැකි බැවින් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න. දරුඵල අපේක්ෂාවෙන් පසුවන්නන්ට වාසනාවන්ත - ගුණවත් දරුවන් උරුම වන අතර දරුවන්ගේ දක්ෂතා දැක බලා සතුටු වන්නටත් මේ වර්ෂයේදී ඔබ භාග්‍යමත් වනු ඇත. අධ්‍යාපන හා තරග විභාග කටයුතු වලින් උසස් ප‍්‍රතිඵල අත්පත් කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත. ධනු ලග්න හිමි ඔබට කිව යුතු තරම් දරුණු රෝගාබාධ වලට ලක් නොවන අතර උෂ්ණ හා උදරාබාධ සුළු වශයෙන් ලක්විය හැක.
පොදුවේ ගත් කළ ගුරු/ සඳු හා බුධ මහ දශා - අන්තර් දශා ගත කරන අයට තරමක් අයහපත්ය. රවි/ අගහරු / සිකුරු සහ ශනි මහ දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.

ධනු ලග්න අයට මේ 2013 බොහොම වගකීමෙන් පරිස්සම් වෙන්න, රක්ෂණ සහතිකයක් ගන්න පොඩි පණිවුඩයක් දෙන්නයි මුලින්ම හදන්නේ. ධනු ලග්න අයගේ අවුරුද්දෙන් භාගයක්ම 06 වැන්නේ ගුරු ගර ව හයා සතුරුව ගමන් කරනවා.රෝගවලට රක්ෂණයක් ගන්න.මොකද ධනු ලග්න අයට වැඩිපුර රෝග හෝ සැත්කම් කිරීම් හෝ එවැනි දේවල් සිද්ධවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම සතුරන් ගැන හරිම කල්පනාවෙන්.මූණට හිනාවෙලා පිටිපස්සට පිහියෙන් අනින්න ඉඩකඩ වැඩියි.ඒකට හේතුවෙන්නේ ධනු ලග්න අයට ගුරු 06 වැනි කොටුවේ සතුරු ස්ථානයේ යන නිසා. හැබැයි ධනු ලග්න ඔබ රවි ගේ හෝ බුධ ගේ හෝ සිකුරුගේ දශාවක් ගතකරනවා නම් මෙන්න ඇවිල්ලා ධනය, රැකියාව, විදේශ දියුණුවට සුබම සුබ අවුරුද්දක්. ඒ එක්කම ඔබ ගත කරමින් සිටින්නේ කුජගේ හෝ රාහුගේ හෝ සෙනසුරුගේ දශාවක්, අතුරු දශාවක් නම් විදෙස්ගතවීම් වලට හොඳයි. දියුණුව ලැබෙනවා. යාන වාහන වලට හොඳයි. දේපළ රැස්කරගන්න හොඳයි. උසස්වීම් වලට ඉතාම හොඳයි. මේ ඔක්කොම දේවල් එක්ක ලෑස්තිවෙන්න ඔබ කේතුගේ දශාවක් ගතකරන කෙනෙක් නම් මෙන්න ධනු ලග්නෙට කේතුගේ දශාව සෞභාග්යි දෙනවා. පවුල් ජීවිතයේ වාසනාව දෙනවා. කොහොම වුණත් හැමතිස්සෙම ධනු ලග්න ඔබ ගුරු පාට වර්ණය ඇඳුමෙ කොහේහරි තැනක පුංචියට හෝ සටහන් කරගන්න.ඒක අවුරුද්ද පුරාම තිබෙන්න ඕනි දෙයක්.
ඒ එක්කම දවසින් දවස අංකය නම් මාරුවෙන්න ඕනි.අංක විද්යාහවට අනුව නම්,අංක 11 හෝ 1,1 එකට එකතු කෙරුවාම එන 2 ඉලක්කම ඔබට ජයදෙනවා සහතිකයි.සත්යයයයි.

මකර ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු උච්ච බල සහිතව රාහු සමගින් ‘‘සස’’ නම් පංච මහා පුරුෂ රාජ යෝග බලයෙන් යුක්තව 10 වැන්නේ ද - උච්ච සඳු/ ගුරු සමගින් 05 වැන්නේ ද - බලවත් රවි / අගහරු/ සිකුරු හා කේතු සමගින් 04 වැන්නේ ද නීච බුධ 03 වැන්නේ ද ගමන් කරන මොහොතේ ඔබට නව වසර උදා වෙයි.
මකර ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති උච්ච බල සහිතව කර්මස්ථානයේ ගෝචරය වන මොහොතක ඔබට නව වසර උදා වේ. උපතින්ම වැඩට දක්ෂ ඔබ මේ වර්ෂ්‍ය තම ශක්තිය හැකියාව උපයෝගි කර ගෙන දියුණුවෙන් දියුණුවට පත්වන වර්ෂයක් බවට මේ වර්ෂය පරිවර්තනය වේ. නව රැකියා අවස්ථා උදා කර ගැනීමටත් රැකියා වලින් උසස් වීම් අපේක්ෂාවෙන් පසුවන අයට උගත් බුද්ධිමත් අයගේ ඇසුර ලැබේ.
ප‍්‍රාථමික අධ්‍යාපනයේ නියුතු අයටත් - උසස් අධ්‍යාපන කටයුතු හා තරග විභාග කටයුතු වලත් නියුතු අයටත් තම අභිමතාර්ථ ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට මෙම වර්ෂ්‍ය තුලදී හැකියාව ලැබෙනු ඇත.
ස්නායු සම්බන්ධ දුර්වලතා හේතුවෙන් ප‍්‍රතිකාර ගැනීමට හෝ රෝහල් ගත වීමට සිදුවිය හැකි බැවින් එවැනි රෝග තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් වන්න. පොදුවේ ගත් කළ බුධ/ සිකුරු හා කේතු මහා දශා - අන්තර් දශා ගත කරන අයට තරමක් අයහපත්ය. රවි / සඳු/ අගහරු සහ ශනි මහා දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.

මකර ලග්න හිමියන්ට ඉතාමත් සුභ වසරක් ඔබගේත් ඔබගේ පවුලේ සැමගේත් දියුණුව ඉතාමත් ඉක්මනින් ඇතිකර ගත හැකි වසරක්. ඔබගේ ලග්නාධිපති දසවැන්නේ ඉතාමත් බලවත් වෙලා. පංච මහා පුරුෂයෝගයක් වන සස නමැති යෝගයකින් පවතිනවා .ඒ වගේම තමයි අඟහරුගේ බලවත්වීම ,රවී සමග සංයෝග වීමත් නිසා ඔබේ සැගවුණු දක්ෂතාවන් ඉදිරියට ගෙනවිත් ඒ තුලින් ඔබගේදියුණුව ළඟා කරගත හැකි වෙනවා . රැකියාව පිලිබඳ කතා කිරීමේදී ඔබ ජ්යාගතන්තරසම්බන්දතා සහිත රැකියාවක් කරන්නේන්නම් ,විදේශිකයන් ගැවසෙන ස්ථානයක රැකියාවක්කරනවනම් ඒ තුලින් විපුල ඵල නෙලාගැනීමේ ඇති කරනවා .දේශයෙන් පිට අයගේ උදවුඋපකාර ලැබිල බොහොවිට ඔබට විදෙස් සංචාර පවා ලැබිය හැකි වසරක් .ධනය අතින් ගත් කලමෙතුවක් කල් ඔබට මිලකළ නොහැකි භාණ්ඩයක් තිබුනානම් එසේත් නැතිනම් විකුණාගත නොහැකිභාණ්ඩයක් තිබුනානම් මේ වසරේදී අපේක්ෂා කල ලාභ සහිතව විකුනගැනීමේ හැකියාව ඇති කරනවා .මකර ලග්නයෙන් උපන් ඔබට ඉඩකඩම් ආශ්රියත නීති කරදර ප්රාබල කරන්න පුළුවන් ඒ නිසාඑවැනි කටයුතු වලදී ඉතාමත් සැලකිලිමත් වීම වැදගත් වෙනවා ගෘහ ජීවිතය අතින් ගත් කලහත්වැන්නධිපති චන්ද්රනයා පස්වැන්නේ බලවත් වෙලා ගමන් කරනව වෙනදට වඩා පවුලේ අයවෙනුවෙන් ඇඳුම් පැළදුම් ,නිවසට අවශ්යන බඩු මිලදී ගන්න සැලසුම් කරගෙන හිටියානම් මේවසරේදී ඒ සැලසුම් සියල්ලක්ම ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන නිසා පවුලේ අයගේ ආදරයගෞරවය නිසැකවම ඔබට ලැබෙන වසරක් ඒ වගේම තමාගේ මවගේ අසනීප තත්වයක් නිසා තරමක වෙහෙසක්දැරීමට සිදුවන නිසා සුළු අසනීපයක් හෝ ඔබගේ මවට තිබෙනවානම් නිසි වෛද්යවප්රමතිකාරලබාදීම තමයි වැදගත් වන්නේ. සෞඛ්යෙ අතින් ගත කල මේ වසර තුල ඔබට මිශ්රව ඵල තායි ඇතිකරන්නේ විශේෂයෙන් ඔබට සෙම් රෝගී තත්වයන් නිසා හිසටත් ,පපුවටත් අහිතකර බලපෑම් ගෙනදෙන්න පුළුවන් .මකර ලග්න හිමියන් අවේලාවේ ස්නානය කිරීමෙන් වලකිනවානම් තමාගේසෞඛ්යදතත්වය යහපත් ආකාරයට තියාගන්න පුළුවන්. ඔබට පවතින අහිතකර ග්රවහ රටාවලටපිලියමක් ලෙස ජලජ ජිවින්ට ආහාර ලබාදෙන්න හැකිනම් ඒක තමයි ඉතාමත් යහපත් දේ

කුම්භ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු උච්ච බල සහිතව රාහු සමගින් පෙර පින් බලය ගැන කියවෙන 09 වැන්නෙහි ද, බුධ නීචව 02 වැන්නෙහි ද රවි/ අගහරු / සිකුරු හා කේතු සමගින් 03 වැන්නෙහි ද උච්ඡ බල සහිතව සඳු ගුරු සමගින් 04 වැන්නෙහි ද ගමන් කරන මොහොතේ ඔබට නව වසර උදා වෙයි.
මානුෂීක ගුණ ධර්ම වලින් හෙබි කුම්භ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති උච්ච බල සහිතව පෙර පින් බල මහිමය පෙන්වන භාග්‍යස්ථානයේ ගෝචරයෙන් සැරිසරන වාසනාවන්ත මොහොතක ඔබට නව වසර උදා වේ. ස්වකීය දක්ෂතා මතු කර ගනිමින් එය ඔපමට්ටම් කරගෙන දියුණුවේ ඉහළටම ගමන් කිරීමට මෙම වර්ෂය තුලදී ඔබට හැකිවේ. විදේශ රැකියාවක් අපේක්ෂාවෙන් පසු වන්නේ නම් එය ද මල් ඵල ගන්වන අතර විදේශයන්හි පවා තම දක්ෂතාවයන්ට ඇගයීමක් වනු ඇත. දේපල සම්බන්ධව පැවති අර්බුදයක් තමාට වාසි වන ලෙස නිරාකරණය කර ගැනීමටත් සුන්දර නිවසක සිහිනය සැබෑ කර ගැනීමටත් මෙම වර්ෂයේ ඔබ භාග්‍යමත් වනු ඇතඤ යුග දිවිය වාසනාවන්තව ගෙවී යන අතර විවාහ අපේක්ෂාවෙන් පසුවන අයගේ පැතුම් ද ඉටුවේ. ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන් තම අධ්‍යාපන කටයුතු පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර උසස් අධ්‍යාපන කටයුතු හා තරග විභාග කටයුතු වලින් ජය අපේක්ෂාවෙන් පසුවනන්නන්ට යහපත් ප‍්‍රතිඵල උදා වේ. විදේශ අධ්‍යාපන කටයුතු වලට යොමුවීමට අපේක්ෂාවෙන් පසුවන අයගේ පැතුම් මල් ඵල ගැන්වෙනු ඇත.
කුම්භ ලග්න හිමි ඔබ කිව යුතු තරම් දරුණු රෝගාබාධ වලට ලක් නොවන අර හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසු වීමට අවස්ථාව උදා වනු ඇත. පොදුවේ ගත් කළ බුධ හා කේතු මහ දශා - අන්තර් දශා ගත කරන අයට තරමක් අයහපත්ය. රවි/ සඳු / අගහරු සහ ශනි මහ දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.

කුම්භ ලග්නයෙන් උපන් ඔබට අලූත් ආදායම් මාර්ග ලැබෙන වසරක් ලෙස මෙම වසර හදුන්වන්න පුළුවන්. ඔබට මෙම වසර ඉතාම සුබ වසරක් ලෙස අපිට හදුන්වන්න පුළුවන්. ඊට හේතුව තමයි ලග්නාධිපති සෙනසුරු නම වැන්නේ බලවත් වෙලා ඉන්නවා එම නිසා ඔබගේ කටයුතු වලට විශ්ව ශක්තින් වලින් පවා ඔබට ආශිර්වාදය හිමි වෙනවා. ඔබගේ රැකියාව ගැන කතා කරනවිට දහවැන්නධිපති අඟහරු වික‍්‍රමස්ථානයේ බලවත් වීම තුල. ඉංජිනේරු, වෛද්‍ය අංශවල නියුතු අයට අනිවාර්යෙන්ම විදේශගත අධ්‍යාපන කටයුතු වලට පවා වාසනාව උදාවෙන වසරක් බවට පත් වෙනවා. කී‍්‍රඩා අංශයකට සම්බන්ධ නම් ප‍්‍ර්‍යත්තන්තරයට යන්න අවශ්‍ය කරන මාර්ගය මේ වසරේදී අනිවාර්යෙන්ම පෑදෙන බව කිව හැකියි. රැකියා කටයුතු වලදී ස්වයං රැකියාවක නියුතු නම්, ස්වයං රැකියා වල මෙතෙක් පැවති බාධාවන්, කරදර, කම්කටොලූ ඉවත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ තුලින් විශාල තෘප්තියක් ඔබට ඇති කරනවා. ධනය ගැන කතා කරන විට දෙවැන්නාධිපති වූ බ‍්‍රහහස්පති බලවත් වූ චන්ද්රයයා සමග සංයෝග වෙලාගජකෙෂ්වරී යෝගෙකින් පවතිනවා. ආයෝජන කටයුතු වලටත් එසේත් නැතිනම් ගෙයක් දොරක් මිලදීගැනීමට ඔබට අවශ්‍ය ශක්තිය ලැබෙන අතර බොහෝවිට ඒ ආශ‍්‍රිත ව්‍යාපාර ආදිය පවා ඔබට මතුවීමේ ඉඩකඩ පවතිනවා. ගෘහ ජීවිතය ආශි‍්‍රතවත් හතාධිපති රවී වික්රමමස්ථානයේ බලවත් වීමඉතා සුභයි. ඔන්න ඔබ ගෙදර දොරේ අය සමග පසුගිය වසරේ දුර බැහැරක ගමනක්, යාමට අවහිරතාවයක් තිබුනා නම් මේ වසරේදී ඒ අය සමග වැඩිපුර වෙලාවක් ගත කිරීමට හැකිවෙනවා. අනිවාර්යෙන්ම මතක තබා ගත යුතුයි හයවැන්නධිපති චන්ද්‍රයා උච්ච බලයෙන් සිටියත් සෞඛ්‍ය, ආශි‍්‍රත සෙම්රෝග තත්වයන් ඇති කිරීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන් අතපය හිරිවැටීම් වැනි තත්වයන් තිබෙනවානම් වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගත යුතුයි. ඔබ රාහු, රවි, බ‍්‍රහස්පතිගේ දශා ගත කරනවා නම් ටිකක් ඔබ කල්පනාකාරී විය යුතුයි. සෙනසුරු සිකුරු සහබුධ යන දශා ගත කරනවා නම් ඉතාම සුභ වසරක් බවට මේ වසර ඔබට පත් කර ගන්න පුළුවන්

මීන ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති ගුරු, සඳු හා එක්ව 03 වැන්නෙහි ද රවි/ අගහරු / සිකුරු හා කේතු සමගින් 02 වැන්නෙහි ද නීච බුධ ලග්න භාවයේද ශනි/ රාහු සමග 08 වැන්නෙහි ද ගමන් කරන මොහොතේ ඔබට නව වසර උදා වෙයි. උපතින් අන් අයගේ අදහස් වලට ගරු කරන මීන ලග්න හිමි ඔබට නව වසර උදා වන්නේ ලග්න අෂ්ඨම ඒරාෂ්ඨකය ද ගෙවෙමින් පවතින මොහොතකය. විශේෂයෙන් ඔබ මගතොට ගමන් කිරීමේදී කල්පනාකාරීව කටයුතු කළ යුතුවේ.
තම දේපල සම්බන්ධ අර්බුධකාරි තත්ත්ව මතුවීමටත්, චිත්ත විවේකය අඩුවීමටත් තමාගේ තත්්ත්වය පහත වැටී මානසික වශයෙන් පීඩා විඳීමටත් හැකිවිය හැකි බැවින් විමසිලිමත්ව කටයුතු කරන්න. ආගම ධර්මයට අනුව කටයුතු කිරීමෙන් අන් අයගේ අවධානය තමා වෙත යොමු කර ගැනීමටත් පවතින ග‍්‍රහ දොස් දුරු කරගෙන ස්වකීය දියුණුවට මග විවර කර ගැනීමටත් අවස්ථාව උදා කර ගැනීමටත් හැකිවනු ඇත. ධනය පිළිබඳ විග‍්‍රහ කරන කේන්ද්‍රයේ 02 වැන්න බලවත් බැවින් ඔබ මේ මොහොතේ ඒරාෂ්ඨක අපල කාලයක් ගත කරත් කිසියම් ආකාරයකින් ධනය ඔබ වෙත ගලා එන මාර්ගයක් විවෘත වේ. සෙනෙසුරු ග‍්‍රහයා ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක අපල කාලයක් ගෙන දෙමින් ඔබේ ආයුෂ ගැන පවසන 08 වැන්නේ ගමන් කළත් ඉතා බලගතුම අනතුරු - අසනීප තත්ත්වයක් පෙන්නුම් නොකරයි. අධ්‍යාපන හමා තරග විභාග කටයුතු වලින් ඉහළ ප‍්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකිවනු ඇත. සාමාන්‍ය රෝගාබාධ හා සුළු අනතුරු හේතුවෙන් රෝහල් ගත වීමට හේතු විය හැකි බැවින් ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරන්න.
පොදුවේ ගත් කළ ශනි/ රාහු හා බුධ මහ දශා - අන්තර් දශා ගත කරන අයට තරමක් අයහපත්ය. රවි/ සඳු සහ අගහරු මහ දශා - අන්තර් දශා ගත කරන අයට ශුභයි.

මීන ලග්නයේ උපන් ඔබට මිශ්රඑ ඵල ගෙන දෙන වසරක් එහෙත් ධන යෝගසහිත වසරක් නිසා ඔබට පුළුවන් මේ වසර සාර්ථක වසරක් බවට පත්කරගන්න .ඊට හේතුව වන්නේදහවැන්නධිපති තරමක බල රහිතව ගමන් කිරීම ඔබගේ නොසැලකිලිමත් භාවය පාඩු සිදු කරන්නපුළුවන්. එම නිසා වසර ආරම්භයේ සිටම සැලසුම් සහගතව කටයුතු කළහොත් තිබෙන්නාවූ අහිතකරතත්වයන් මග හරවා ගැනීමට ඔබට පුළුවන්. ඒ වගේම තමන් පමණට වඩා අන්අය විශ්වාස කිරීමටයාමෙන් කරදර බාධක බහුල කරනවා. එම නිසා කටයුතු කිරීමේදී ඉතාමත් බුද්ධිමත්ව කටයුතුකිරීම තමයි වෙන්නේ. ධනය ගැන කතා කිරීමේදී ධනයෝග සහිත වසරක්. දෙවැන්නාධිපති අඟහරු දෙවැන්නෙම බලවත් වෙලා තියෙනවා. ඉතාමත් යහපත් ආකාරයට පරමසිද්ධ පුද්ගලයන් සමග රටේ පිළිගත් අය සමග ඔබ කටයුතු කිරීමේදී ඒ කටයුතු සර්තකත්වයෙන්ම ඔබට ඉටු කරගත හැක. ඔබ කොන්ත්රාමත්, ව්‍යාපාර කරනවානම් එසේත් නැතිනම් කොමිස් ආශ‍්‍රිත මුදල් උපයනකෙනෙක් නම් මේ වසර ඉතාමත් සාර්ථක වසරක් බවට පත් කරගන්න පුළුවන්. එහෙත් සේවකයින් සමග කටයුතු කිරීමේදී කල්පනකරිවන්න. ගෘහ ජීවිතය ආශි‍්‍රතව නම් තරමක කරදර බාධක බහුල කරන්නපුළුවන්. එම නිසා පවුලේ අයගේ ආකල්ප, අදහස් පිළිබඳව සැලකිලිමත්වන්න. සෞඛ්‍ය ගැන ගත් කල ලේ විෂ වීම්, වැනි තත්වයන් වලට තමයි හේතු වෙන්නේ. මේ පිළිබඳව හොදින් සැලකිලිමත්වී මෙම වසර ආරම්භ කරන්න. පවතින්නාවූ අහිතකර තත්වයෙන් මිදෙන්න නම් සෙනසුරාදා දවස් වල උදේ 6.50ට පෙර ඔබේ නිවසේ බටහිර දිශාවේ කපුටන්ට එළඟි තෙල්මිශ්රද කිරිබත් ස්වල්පයක් ලබාදිය හැකිනම් එය ඉතා යහපත් පිළිවෙතක් බවට පත්වේ














